Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ බලය ජූලි 17 වැනි බදාදා මැතිවරණ කොමිෂන් සභාවට හිමිවේ.
ඒ අනුව මේ මස අවසානයේදී නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශ කරන බව එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක ප්‍රකාශ කර ඇත.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරන ලෙසයි.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පසුගිය සිකුරාදා මැතිවරණ කොමිසමට පැමිණ තිබුණේ ද නාමයෝජනා භාර දෙන දිනය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටීම සඳහාය.
ඉදිරි ජනාධිපතිවරණයේදී යොදා ගැනීමට නියමිත ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම විසින් ඉදිරි දින කිහිපයේදී සහතික කරනු ඇත.
මේ වසරේ පළමු කාර්තුව සඳහා යාවත්කාලීන කරන ලද ලේඛනයට අනුව, මිලියන 17ක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබීමට නියමිතය.
ඉදිරි මැතිවරණය සඳහා වන මූලික සූදානම් වීමේ කටයුතු ලෙස මැතිවරණ කොමිසම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, තැපැල්පති රුවන් සත්කුමාර සහ රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ යන පිරිස සමග සාකච්ඡා ද පවත්වා තිබිණි.
තැපැල්පතිවරයා පවසන්නේ මැතිවරණ කාලසීමාව තුළ තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන රාජකාරිය වන්නේ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම බවයි.
මෙම රාජකාරිය ඉටු කිරීමේදී තම දෙපාර්තමේන්තුව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව තැපැල්කරුවන්ගේ හිඟය බව ඔහු පෙන්වා දී ඇත.
ඉදිරි මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් මැතිවරණ ද්‍රව්‍ය මුද්‍රණය කිරීමේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට දැරීමට සිදුවන පිරිවැය සම්බන්ධයෙන් මූලික ඇස්තමේන්තුවක් ද සකස් කර ඇත.
රජයේ මුද්‍රණාලයාධිපතිනිය පවසන පරිදි මෙම ඇස්තමේන්තුවට අනුව, ඡන්ද පත්‍රිකාවේ දිග අනුව උපරිම මුදල රුපියල් මිලියන 600ත් 800ත් අතර විය හැකිය.
මැතිවරණයට අදාළ පත්‍රිකා මුද්‍රණය කරන කාල සීමාව තුළ තම දෙපාර්තමේන්තුවට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස ද ඇය ඉල්ලා තිබේ.
මැතිවරණ රාජකාරි සඳහා යෙදවීමට නියමිත රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ විස්තර ලබා ගැනීමේ කටයුතු ද මැතිවරණ කොමිසම මේ වන විට ආරම්භ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart