Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ අදානි සමූහ ව්‍යාපාරය විසින් සුළං බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය අගෝස්තු මස 02 වැනි දිනට කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
මූලික නඩු විභාගයේදී වගඋත්තරකාර ඉන්දීය අදානි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විරෝධතා ඉදිරිපත් කිරීමට අමතර කාලයක් ඉල්ලා සිටියේය.
ඒ අනුව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අධිකරණය ජුලි 22 වැනිදා දක්වා දීර්ඝ කාලයක් ලබා දී තිබේ.
ඉන්පසුව, අදානි සමාගම විසින් මතු කරන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ සීමිත විරෝධතා සමඟ ප්‍රතිචාර දැක්වීමට පෙත්සම්කරුවන්ට ජූලි 31 දක්වා කල් ලබා දී ඇත.
පෙත්සම්කරු සිය පෙත්සමෙන් අවධාරණය කරන්නේ මධ්‍යම ආසියානු ගුවන් මග ඔස්සේ සංක්‍රමණික පක්ෂීන් සඳහා ශ්‍රී ලංකාව තීරණාත්මක ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස කටයුතු කරන බවයි.
ශීත ඍතුවේ දී වාර්ෂිකව කුරුල්ලන් මිලියනයක් පමණ මෙම කලාපයට පැමිණෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ප්‍රදේශයට කිසියම් බාධාවක් එල්ල වුවහොත් මෙම පක්ෂීන්ගේ සංක්‍රමණික රටා සැළකිව යුතු ලෙස කඩාකප්පල් විය හැකි බව පෙත්සමෙන් අවධාරණය කර ඇත.
තවද, සුළං බලාගාර ව්‍යාපෘතිය සඳහා මන්නාරම තෝරා ගැනීම දේශපාලන හා බාහිර සාධකවල බලපෑමට ලක්ව ඇති බව පෙනී යන බවට ද පෙත්සම්කරුවෝ තර්ක කරති.
පාරිසරික වශයෙන් සංවේදී ප්‍රදේශයක් වන මෙම කලාපය තෝරා ගැනීම සඳහා විද්‍යාත්මක හෝ නිශ්චිත තාර්කිකත්වයක් නොමැති බව ද ඔවුන් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart