Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකාවට ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ඇතුළු වී ජල කරාමයකින් ජලය පානය කළ අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන උසස් පෙළ හදාරන සිසුවකුට රුපියල් තුන්දහස් හතළිහක දඩ මුදලක් ගෙවීමට සිදුවී ඇත.
මෙසේ දඩ මුදලක් නියමව ඇත්තේ, කොස්ගොඩ පදිංචි අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ උසස් පෙළ හදාරන සිසුවකුටය.
උපකාරක පන්තියකට ඉකුත් අටවැනිදා උදෑසන ගිය මෙම සිසුවා එදින දහවල් සිය පාසල් මිතුරන් පස්දෙනකුද සමග අම්බලන්ගොඩ බස් නැවතුම්පොළේ වෙළඳසැලකින් ආහාර වර්ගයක් මිලදී ගෙන කෑමෙන් පසුව ජලය පානය කිරීම සඳහා දුම්රිය මගී වේදිකාවට පිවිස, එහි තිබූ ජල කරාමයකින් ජලය පානය කර තිබේ.
එහිදී එතැනට පැමිණි දුම්රිය සේවකයන් දෙදෙනකු සිසුන්ට බැනවැදී හැඳුනුම්පත් ඉල්ලා තිබේ.
පස්වරුවේ පැවැත්වෙන ඊළඟ උපකාරක පන්තියට යමින් සිටි මෙම සිසුන්ට බැන වැදුණු බව කියන දුම්රිය සේවකයන් දෙදෙනා එක් සිසුවකුගේ මුදල් පසුම්බිය බලහත්කාරයෙන් රැගෙන රියදුරු බලපත්‍රය ඔවුන් භාරයටගත් බව එම සිසුහු පවසති.
තමන් වරදක් කර තිබේ නම් එය දැනුම්දෙන ලෙසත් තමන්ට නිකරුණේ බැන නොවදින ලෙස එක් සිසුවකු දුම්රිය සේවකයන්ට පවසා ඇති අතර, එහිදී මෙම සිසුවා දුම්රිය ස්ථානාධිපතිවරයා හමුවට ගෙන ගොස් ඇත.
එහිදී දඩ මුදලක් ගෙවන ලෙස සිසුවාට පවසා ඇති අතර, තමන් ළඟ මුදල් නොමැති බව සිසුවා පවසා තිබේ.
එහිදී සිසුවා පවසා ඇත්තේ තමා ළඟ ඇත්තේ නිවස කරා යෑමට ඇති බස් ගාස්තුව පමණක් බවයි.
සිද්ධිය සැලවූ සිසුවාගේ පාසල් මිතුරන් පැමිණ සිසුන්ගෙන් මුදල් එකතු කර මෙම දඩ මුදල ගෙවා තිබේ.
දඩ මුදල් ගෙවීමෙන් අනතුරුව පාසල් සිසුවා මුදා හැර තිබේ.
දරුවාගේ පියා වන කොස්ගොඩ පදිංචි ඒ.පී. මෙන්ඩිස් මෙසේ පවසා ඇත.
“සිද්ධිය වූ දින මගේ පුතා උපකාරක පන්තියට ගොස් සවස පැවැත්වෙන උපකාරක පන්තියට යෑම සඳහා අම්බලන්ගොඩ බස් නැවතුම්පොළට පැමිණ තිබෙනවා. එහිදී දරුවාගේ යහළුවන් බයිට් අරගෙන කෑමට ගෙන තිබෙනවා. හවස පන්තියටත් රුපියල් 3000ක් ගෙවන්න තිබුණා. ඒ පන්ති ගාස්තුව ඊළඟ සතිය දෙන්නම් කියන්නයි පුතා පන්තියට යන්න ගියේ. ඇත්තටම පුතා ළඟ තිබුණේ යන්න එන්න තිබුණු බස් ගාස්තුව විතරයි. බයිට් කාලා වතුර බොන්න තමයි අම්බලන්ගොඩ ස්ටේෂන් එකට ගිහිල්ලා තියෙන්නේ. එතනදී තමයි දුම්රිය සේවකයන් දෙදෙනකු ඇවිල්ලා මේ දරුවන්ට බැනවැදිලා තියෙන්නේ. දරුවා අනිත් දරුවන් එක්ක ස්ථානාධිපති ළඟට අරන් ගිහින් තියෙනවා. අනිත් දරුවෝ එළියෙන් ඉද්දි මගේ දරුවා විතරයි ස්ථානාධිපතිවරයා ළඟට ගෙන ගිහින් තියෙන්නේ. දඩමුදල ගෙවලා තියෙන්නේ ඉස්කෝලෙ යාළුවො එකතු වෙලා.”
මේ සම්බන්ධයෙන් විමසීමට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයා දුරකතනය මගින් සම්බන්ධ කරවීමට උත්සාහ කළත් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොදැක්විණි.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart