July 11, 2024

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසහන ජූලි 12 සහ 13 දෙදින තුළ කිලිනොච්චිය නගරසභා  ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක්කරනා ” විගමණික හරසර” වැඩසටහන පැවැත්වීමට නියමිතය. ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරදෙන ස්මාර්ට් පාසල් පන්ති කාමර සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබදීම සිදුකෙරෙයි.

ඊට අමතරව ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා මූල්‍ය අධාර ලබාදීම, රැකියා සඳහා විදෙශගතවීමේදී වැඩිම අවස්ථා ගණනක් විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ලියාපදිංචිවූ ශ්‍රමිකයන්ට වවුචර් පත් පිරිනැමීම මෙහිදී සිදුවෙයි.

රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව සඳහා මග පෙන්වන ”ස්මාර්ට් යූත් ක්ලබ්” වැඩසටහනද මෙහිදී පැවැත්වෙන අතර එම වැඩසහටන මගින් වෘත්තීය පුහුණුව සඳහා ජනාධිපති අරමුදලින් ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ දැනුවත් කිරිමද සිදුවෙයි.

අවිධිමත් ශ්‍රමිකයන්ගේ වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කරනා ”ගරුසරු” වැඩසහන, මිනිස් ජාවාරම සහ කම්කරු නීතිය පිළිබඳ කෙරෙනා දැනුවත් කිරිම්ද මෙම ”ජයගමු ශ්‍රී ලංකා” වැඩසහටනට යටතේ පැවැත්වෙයි. ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි රැකියා එජන්සි 40 ක් පමණ සිය සේවා කවුළු ප්‍රදර්ශන භූමියේ පවත්වන අතර එමගින් නවතම විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු රැසක් ලබාගැනිමට හැක.

42.31%
17.27%
32.76%