Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අහුන්ගල්ල රියෝ හෝටලය අසලදී 2022.10.12 වැනිදා පුද්ගලයකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 38 හැවිරිදි සැකකරුවකු, දණගස්වා නළලට වෙඩිතබා ඝාතනය කළේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයකු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී. ජානක පෙරේදා (09දා) ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියෝග කළේය.
සැකපිට අත්අඩංගුවට ගත් කටුවන ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් නමැත්තා සඟවා තිබූ ගිනි අවි ඇතුළු අවි ආයුධ පෙන්වාදීම සඳහා අහුන්ගල්ල බණ්ඩාරවත්ත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී සඟවා තිබූ ගිනි අවියක් ගෙන වෙඩි තැබීමට උත්සාහ කිරීම නිසා ආත්මාරක්ෂාව සඳහා ඔහුට වෙඩි තැබූ බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මරණ පරීක්‍ෂණයේ සාක්‍ෂි විභාගයේදී සාක්‍ෂි ලබාදී තිබිණි.
කෙසේවෙතත් එම සැකකරුගේ ශරීරයේ තිබූ වෙඩි ප්‍රහාරවලින් සිදු වූ තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය ලබාදුන් සාක්‍ෂි, වෛද්‍ය වාර්තා මෙන්ම ඉදිරිපත් වූ සෙසු සාක්‍ෂි අනුව එය ආත්මාආරක්‍ෂාව සඳහා සිදුකළ වෙඩිතැබීමක් නොව හිතාමතාම සිදුකළ වෙඩි තැබීමකින් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කළ මහේස්ත්‍රාත්වරයා එකී සැකකරුව අත්අඩංගුවට ගත් කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා සම්බන්ධයෙන් එම නියෝගය කළේය.
2022.10.12 වැනිදා එම සැකකරු අත්අඩංගුවට ගත් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සැබෑ සැකකරු පොලිසිය විසින් පසුව අත්අඩංගුවට ගෙන තිබූ බවත් විමර්ශන වෙනත් මගකට යොමු කිරීමේ අරමුණින් එම මරණකරු සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායට ලබාදී ඇති බවත් ජනමාධ්‍ය මගින් අනාවරණය කර තිබූ බවද, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් මහෙස්ත්‍රාත් අධිකරණයට පෙන්වාදී තිබිණි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව ද අධිකරණ හමුවේ වෙනත් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් නඩු කටයුතු කිහිපයක් තිබූ බවද පැවති මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී අනාවරණය වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart