Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමන් පරිහරණය කරන නිල නිවස වෙනුවෙන් රජයට අයවිය යුතු හිඟ කුලිය සිය වැටුපින් කපාගන්නා ලෙස සිරගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල දැනුම්දී ඇත.
මධ්‍යම පළාත් සභාවේ මහනුවර නිල නිවස සඳහා ගෙවිය යුතු කුලිය මෙලෙස තම මන්ත්‍රී වැටුපින් කපාගැනීමට කැමැත්ත පළකරමින් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යවා ඇති බව ‘ලංකාදීපය’ වාර්තා කරයි.
කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවස අරගලය අවස්ථාවේදී ගිනිතබා විනාශ කිරීමෙන් පසු ඔහුට තාවකාලිකව කුලී පදනම මත රැඳී සිටීම සඳහා රජය විසින් මහනුවර මලබාර් වීදියේ මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති නිල නිවස ලබාදෙනු ලැබීය.
ඔහුට එහෙම නිවස ලබාදී තිබුණේ මාසික මන්ත්‍රී වැටුපෙන් සියයට දහයක මුදලක් අයකර ගැනීමේ ගිවිසුමක් මතය.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධූරයේ සහ පරිසර ඇමැති ධූරයේ සිටි කාලය තුළදී එම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ මාර්ගයෙන් අදාළ මුදල් මධ්‍යම පළාත් සභාවට ලැබී තිබුණද ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත වීමෙන් පසු එම මුදල් ලැබීම නතර වී තිබිණි.
ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය එම මුදල අයකර දෙන ලෙස පාර්ලිමේන්තුවේදී මහ ලේකම්වරියගෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.
ඒ අවස්ථාවේදී ලේකම්වරිය පැවසුවේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් මුදල් අය කර ගැනීමේ බලයක් ඇතත් පිටස්තර නිවාස වෙනුවෙන් මුදල් අයකර ගැනීමේ බලයක් තමාට නැති බවයි.
කෙසේවෙතත් මුදල් අයකර ගැනීමට මන්ත්‍රීවරයා කැමැත්ත පළකර ලිපියක් ලබා දෙන්නේ නම් මුදල් අය කළ හැකි බවද මහා ලේකම්වරිය ඒ අවස්ථාවේදී දැනුම්දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart