Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘එක මිටට’ නමින් රැල්ලට බෝ වුණු නිශේධාත්මක රැලි කඩාවැටී අවසන් බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර නොගත්තේ නම් පාර්ලිමේන්තුව ගිනිතැබූ කෙන්යාවක් බවට ශ්‍රී ලංකාවද පත්වීමට ඉඩ තිබූ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ (06) මාතරදී පැවසීය.
හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ දෙදින වැඩසටහනේ ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තමන් කටයුතු කරන පක්ෂයට වඩා වැදගත් වෙන්නේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනීසිටීම බවත් රට යා යුතු නිවැරදි තැන සිතා තීන්දු ගැනීම කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.
“කණ්ඩායමක් මේක බාරගන්න බෑ කියලා පළායද්දී කණ්ඩායමක් බාරගෙන රට ඉස්සරහට ගෙනිච්චා. රටේ මිනිස්සුත් බලාපොරොත්තු තියාගෙන, දුක් විඳගෙන, කැපවීම් කරගෙන ඒක ඉවසා දරාගෙන හිටියා. බිංගෙය කොණෙන් කවද හරි ලයිට් එකක් පෙනෙනකල් අපේ මිනිසුන් කැපවීම් කරමින් බලාගෙන හිටියා. එහෙම වෙද්දි අපේ විදේශගත ශ්‍රමිකයන්ට ඩොලර් එවන්න එපා කියලා තව කට්ටියක් රට වට්ටන්න කියලා කිව්වා. ඒ වෙලාවේ අපි ඉල්ලීම් කරලා විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 12ක් රටට ගෙනාවා.” අමාත්‍යවරයා පැවසීය.
“කැප්පෙටිපොළ ජාතික වීරයෙක් වුණේ අවශ්‍ය තැන අවශ්‍ය වෙලාවේ හිටගත්තු නිසා. නමුත්, පස්සේ කාලෙක ඔහු ගත්ත තීන්දු හරි කියලා තමයි ඔහු ජාතික වීරයෙක් බවට පත් වුණේ. මට සමහරු කියනවා මනූෂ නානායක්කාරත් යූඇන්පී එකෙත් ඉන්නවා, ශ්‍රී ලංකා එකෙත් ඉන්නවා, පොදුජන පෙරමුණෙත් ඉන්නවා කියලා. ඒක අදාළ නෑ. අපිට වැදගත් වෙන්නේ අවශ්‍යතාවය මොකක්ද, ඒ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමයි අපිට ඕන වෙන්නේ. අපිට පක්ෂ දේශපාලනය අදාළ නෑ. අපිට ඕන කරන්නේ රට කොතනටද යා යුත්තේ, එතනට තීන්දු තීරණ අරගෙන එකතු වීම විතරයි. අවසානෙදි ඔවුන් ජාතික වීරවරයෝ වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එකතු වුණේ දැන් පොදුජන පෙරමුණත් එක්ක. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවට එකතු වුණේ. සම්පූර්ණයෙන්ම විරුද්ධ තැනකට යන්න වුණා. අපි ගෝඨාභය රාජපක්ෂට, මහින්ද රාජපක්ෂට, නාමල් රාජපක්ෂට බැනපු, කාංචනත් එක්ක පාර්ලිමේන්තුවේ ගහගත්තේ මේ මම. විපක්ෂයේ හොඳ කථිකයෙක් වෙලා, පාර්ලිමේන්තුවේ කතා කර කර ඉන්න තිබුණ එක පැත්තක තියලා තීන්දුවක් අරගත්තා. රටේ මිනිස්සු වැටිච්ච වෙලාවේ ඒක ගොඩගන්න ඕන කියන තීන්දුව. අපි අවුරුදු දෙකක් ඇතුළත සාර්ථක තත්ත්වයකට ඇවිල්ලා. ඒ තීන්දුව ගන්නකොට ගොඩක් අය මට බැන්නා. තීන්දු අරගෙන අවසාන ප්‍රතිඵලය එනකොට හරි. ඔබගේ ජීවිතවලටත් එහෙමයි. තීන්දුව වෙලාවට සමහර අය විවිධ දේ කියයි. හැබැයි තමන්ගේ ඉල්ලකයට යන්න නම් වටින් පිටින් තියෙන චෝදනා, ගහන ගල්, මඩ සියල්ල අමතක කරලා, තමන්ගේ අරමුණ වෙනුවෙන් ඉලක්කය වෙනුවෙන් තමන් යන්න ඕනේ. අද අපි යන්නෙත් ඒ රට ගොඩ දාන ඉලක්කයට. ඔබගේ ජීවිතයටත් අරමුණක් තියෙනවා නම් වෙන මොන බාධක ආවත් ඉස්සරහට යන්න පුළුවන්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart