July 8, 2024

මාධ්‍ය ආවරණ කටයුතුවලදී රටේ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

15 හැවිරිදි ළමුන් දෙදෙනෙකුගේ ඛේදනීය මරණයෙන් පසු රටේ දරුවන්ගේ අයිතිවාසිකම්, අභිමානය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධ මාධ්‍ය ආවරණ කටයුතුවලදී සීසීටීවී දර්ශන, ඡායාරූප සහ යෞවනයන් දෙදෙනා පිළිබඳ පදනම් විරහිත කථා ඇතුළත් වී තිබුණු බව එම සංගමය පෙන්වා දී තිබේ.

වගකිවයුතු මාධ්‍ය ආවරණයක් මගින් මූලික අයිතිවාසිකම් සුරැකිය යුතු බවට විශ්වාස කරන බවත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ දැනුවත්භාවය ඉහළ නැංවීමට සහ යහපැවැත්ම සහතික කිරීමට මාධ්‍ය දායක විය යුතු බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

42.31%
17.27%
32.76%