Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අතුරුගිරිය ප්‍රදේශයේ දී අද අලුයම සිදුර තිබූ වෙඩි තැබීමේ සිද්ධියට සම්ම්බන්ධ මෝටර් රථය කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබේ.
අතුරුගිරිය ඔරුවල දී සිදු වූ වෙඩි තැබීමෙන් 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගොස් ගායන ශිල්පී කේ.සුජීවා ඇතුළු සිව් දෙනකු රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
ගායන ශිල්පී සුජීවා සහ තවත් පුද්ගලයකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ අතුරුගිරියේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සිටි පිරිසකට මෙම වෙඩි තැබීම සිදුව තිබූ බවයි.
සුදු පති මෝටර් රථයකින් පැමිණි ටී 56 ගිනි අවි සහිත තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබිණි.
විවෘත කිරීමේ උත්සවයේ ආරාධිතයන් ලෙස ක්ලබ් වසන්ත සහ කේ.සුජීවා පැමිණ සිට ඇති බව අනාවරණය විය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.
සැකකරුවන් වෙඩි තැබීම සඳහා යොදාගත් වාහනය සිද්ධිය වූ විගස කඩුවෙල ප්‍රදේශයේදී පොලිසිය සොයාගෙන ඇත.
තුවක්කුකරුවන් මෝටර් රථය අතහැර එම ස්ථානයෙන් වෑන් රථයකින් පළා ගොස් ඇති බවට පොලිසිය සැකකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart