July 6, 2024

පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කරන මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් ජනමාධ්‍ය වෙත පවසා ඇත.

පාරිභෝගික අධිකාරිය පසුගිය 02 අඟහරුවාදා සිට බලපැවැත්වෙන පරිදි නැවත වරක් බිත්තරවලට උපරිම මිලක් නියම කර තිබේ.

ඒ අනුව, සුදු බිත්තරයක් රුපියල් 43 – 47 අතර මිලකට අලෙවි කළ යුතු අතර දුඹුරු බිත්තරයක් රුපියල් 45 – 49 අතර විය යුතු යැයි මිල නියම කර ඇත.

ලේකම්වරයා පවසන්නේ, මෙයට පෙර ද බිත්තරවලට උපරිම මිලක් නියම කර තිබුණද එය අසාර්ථක වූ අතර එයින් සිදුවූයේ කර්මාන්ත බිඳවැටීම පමණක් බවයි. මිල පහළ දැමීමට නම් සිදු කළ යුත්තේ නිෂ්පාදනය ඉහළ නැංවීම මිස ඒකපාර්ශ්වික මිල නියම කිරීම නොවන බව කියයි.

ගොවිපොළවලින් බිත්තර නිකුත් කරන්නේ රුපියල් 42 – 43 අතර මිලකට වන අතර එම බිත්තර රුපියල් 43 – 47 ට විකුණන්නේ කෙසේදැයි හෙතෙම ප්‍රශ්න කරයි.

මෙයින් සිදුවන්නේ ගොවින් නිෂ්පාදනය අතහැර යාමෙන් යළිත් වරක් බිත්තර හිඟයක් ඇතිවීම බවද හෙතෙම කියයි.

ලබන ජනවාරිවල සිට බිත්තරවල මිලට සියයට 15 ක වැට් බද්දක්ද එකතු කිරීමට නියමිත අතර එවිට බිත්තර මිල තවත් ඉහළ යනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%