Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ සරණාගතභාවය පතා ශ්‍රී ලාංකික දෙමළ කාන්තාවක් සිය දරුවන් දෙදෙනා ද සමග ධනුෂ්කොඩි හි අරිචල්මුනේ වෙත ඊයේ පැමිණ තිබේ.
ආරංචි මාර්ග සඳහන් කළේ, ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් මොවුන් තිදෙනා බේරා ගැනීමට කටයුතු කර ඇති බවයි.
ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීම සඳහා රාමේෂ්වරම් බලා රැගෙන ගොස් තිබේ.
පරීක්ෂණයකින් පසුව, ලාංකික දෙමළ ජාතිකයන් රඳවා සිටින මණ්ඩබාම් විශේෂ කඳවුරේ ඔවුන් රැඳවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මොවුන් තිදෙනා තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි යෝගවල්ලි ගීතා (34) සහ ඇගේ දරුවන් වන අනුජා (8) සහ මිෂාල් (5) ලෙස හඳුනාගෙන ඇත.
යෝගවල්ලි ඉන්දියාවට පැමිණීමට තීරණය කළේ ඇයට තවදුරටත් ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නොහැකි වූ නිසා බව ප්‍රකාශ කර ඇත.
තමන් ඉන්දියාවේ සරණාගත කඳවුරක උපත ලබා වසර කිහිපයක් ඉන්දියාවේ ජීවත් වූ බව යෝගවල්ලි ප්‍රකාශ කර තිබේ.
“මම ලංකාවට ආවේ විවාහ වෙන්න කලින්. නමුත් මගේ දෙමව්පියෝ වෙම්බකෝට්ටෙයි සරණාගත කඳවුරේ නැවතී සිටියා. ස්වාමිපුරුෂයාගෙන් වෙන්වීමෙන් පසු මම එහි දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ නිසා මගේ මව සමඟ නැවත ජීවත් වීමට තීරණය කළා. මම ඉන්දියාවට එන්න ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වැය කකළා,” යනුවෙන් ද ඇය පවසා ඇත.
ඉන්දීය වාර්තා පවසන්නේ 2022 මාර්තු මාසයේ සිට තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් සංඛ්‍යාව 303ක් වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart