Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සහ දෝහා අතර ගුවන් ගමන් ගණන දිනකට 6ක් දක්වා ඉහළ නැංවීමට කටාර් එයාර්වේස් තීරණය කර තිබේ.
ඒ අනුව දැනට දිනකට 5ක් ලෙස පවතින ගුවන් ගමන් කාලසටහන 2024 ජූලි 10 සිට සිට දිනකට ගුවන් ගමන් හයක් දක්වා වැඩි කෙරේ.
ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවන සියලුම ගුවන් මගීන් සඳහා වැඩි තේරීම් අවස්ථා ලබා දීම මෙහි අරමුණ බව කටාර් එයාර්වේස් පවසයි.
අමතර ගුවන් ගමන් සඳහා Boeing 787 ගුවන් යානා මගින් සේවා සපයනු ලබන අතර, ව්‍යාපාරික පන්තියේ ආසන 30ක් සහ ආර්ථික පන්තියේ ආසන 281 කින් සමන්විත වේ.
මෙම ජාලය වැඩිදියුණු කිරීමත් සමඟ කටාර් එයාර්වේස් ලොව පුරා ගෝලීය ගමනාන්ත 170කට ආසන්න සංඛ්‍යාවකට මගීන් සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන් පිටතට සතිපතා ගුවන් ගමන් 42ක් ක්‍රියාත්මක කරනු ඇත.
කටාර් එයාර්වේස් හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින භාර කළමනාකරු වන ජොනතන් ප්‍රනාන්දු පැවසුවේ මගීන්ට වඩාත් හොඳ සම්බන්ධතාවයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට සහ ඉන් පිටතට ගුවන් ගමන් වැඩි කිරීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවයි.
ශක්තිමත් ගුවන් ගමන් ජාලය තුළ ගුවන් ගමන් වාර වැඩි කිරීම මගින් සංචාරකයන්ට ඔවුන්ගේ සිහින ගමනාන්තය සොයා ගැනීම පහසු කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කර තිබේ.
කටාර් එයාර්වේස් නව ගුවන් ගමන් වාර යටතේ මගීන්ට හමාඩ් අන්තර්ජාතික ගුවන්තොටුපොළ හරහා මැද පෙරදිග, යුරෝපය, අප්‍රිකාව සහ තවත් බොහෝ ප්‍රධාන ගමනාන්ත වෙත සම්බන්ධ වීමට වැඩි අවස්ථා ලබා දෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart