July 5, 2024

කඹුරුගමුව, මාතර දිස්ත්‍රික් නව රෝහලේදී ප්‍රතිකාර ලබානොදීම හේතුවෙන් මාස 2ක බිළිඳකු කිරි උගුරේ හිරවීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

කඹුරුගමුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ළදරුවාට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජූලි 3 වැනිදා මෙම ඛේදජනක සිදුවීම සිදුව තිබේ.

එදින උදෑසන ළදරුවාට කිරි ලබා දී ඇති අතර අනතුරුව ඉක්මණින් සංකූලතා ඇතිව තිබේ.

අනතුරුව දරුවාගේ මාපියන් ඇයව ත්‍රිරෝද රථයකින් මාතර දිස්ත්‍රික් නව රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මාපියන් පවසන පරිදි හදිසි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවන බවත් රෝගියා භාරගැනීමට නොහැකි බවත් රෝහල් ආරක්ෂක නිලධාරීන් දැනුම්දී ඇත.

තම දරුවා රෝහල තුළට ගෙනයෑමට හෝ ගිලන් රථයකින් දරුවා වෙනත් ස්ථානයකට ගෙනයෑමට ඉඩදෙන ලෙස දෙමාපියන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත්, ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

අනතුරුව මවුපියන් විසින් බිළිඳා කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

ඔවුන් මාතර මහ රෝහලට පැමිණෙන විටත් බිළිඳා මියගොස් තිබූ අතර, වෛද්‍යවරු පවසා ඇත්තේ, විනාඩි 30කට පෙර රැගෙන ආවේ නම් බිළිඳාගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබූ බවයි.

42.31%
17.27%
32.76%