July 2, 2024

අමෙරිකානු ජිම්නාස්ටික් ඉතිහාසයේ ඔලිම්පික් ජාතික තේරීම් තරගාවලියට සහභාගි වූ පළමුවැනි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩිකාව වීමට ටියැනා සුමනසේකර සමත්ව තිබේ.

ඇය අවසන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට තේරී පත් වී තිබිණි.

මෙහි ප්‍රථම ස්ථානය ඔලිම්පික් ශූරි Simone Biles විසින් දිනාගෙන ඇත.

ශ්‍රේණිගත කිරීම්වල මුල් 5 දෙනා පැරිස් ඔලිම්පික් උළෙලේදී අමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරනු ඇත.

6 වැනි සහ 7 වැනි ස්ථාන ලැබූ ක්‍රීඩිකාවන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙසින් සංචිතයට එක්වීමට නියමිතය.

කෙසේවෙතත් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් මෙතරම් දක්ෂතාවක් පෙන්වීමට සමත්වීම සම්බන්ධයෙන් ඇය ප්‍රසාදයට පාත්‍ර වී ඇත.