July 2, 2024

ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රීඩා අයිකනය සඳහා වන Behindwoods Gold Icon සම්මානය ශ්‍රී ලංකා සුපිරි පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හිමිවී ඇත.

ක්‍රිකට් පිටියේ දක්ෂ පන්දු යවන්නෙකු මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරුවක් ද වන මතීෂ පතිරණ ඉන්දියාවේ විශාලතම සම්මාන උළෙලවලින් එකක් වන Behindwoods Gold Icon 2024 හි සම්මානය මෙලෙස දිනාගෙන තිබේ.

“වඩාත් ජනප්‍රිය අයිකනය සඳහා BEHINDWOODS GOLD ICON සම්මානය පිරිනැමීමට ලැබීම සතුටට කරුණකි – Sports to Our Baby Slinga,” Behindwoods විසින් ‘X’ හි සටහනක් මගින් නිවේදනය කර ඇත.

මතීෂ පතිරණ ඉන්දියාවේ සුප්‍රසිද්ධ සංගීත නිර්මාපකයකු වන අනිරුද් රවිචන්දර් සමඟ සෙල්ෆි ඡායාරූපයකට ද මෙහිදී පෙනීසිටියේය.