Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු කැඳවා, ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් මුර සංචාර ඒකකයක සිටි ශ්‍රී ලාංකික නාවිකයකුගේ මරණය සම්බන්ධයෙන් කනස්සල්ල පළකර ඇතැයි වාර්තාවේ.
නීතිවිරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම, විශේෂයෙන් මසුන් ඇල්ලීමේ ක්‍රමය සහ “ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයින් අසීමිත ලෙස මසුන් දඩයම් කිරීම” යන ප්රශ්නය පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාට විධිමත් සටහනක් භාරදුන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ පුවත් වාර්තාවකට අනුව අනාවරණය වේ.
ඉන්දීය නිලධාරියා සිකුරාදා අමාත්‍යාංශයට කැඳවූ බව නිල මූලාශ්‍රයක් ද ඉන්දියාවේ හින්දු පුවත්පතටද පවසා ඇත.
“එය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් කනස්සල්ල පළකිරීමටයි,” යනුවෙන් මූලාශ්‍රය සඳහන් කර ඇත.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්ෂෙනුකා සෙනෙවිරත්න ජූනි 25 දා විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් හමුවූ අවස්ථාවේදී නවදිල්ලියේ ද මෙම ප්රශ්නය මතු වූ බව වාර්තා වේ.
එදිනම අලුයම දිවයිනේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ කන්කසන්තුරයට ඔබ්බෙන් වූ ඉන්දීය ධීවරයන් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයෙක් මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart