June 30, 2024

2023 වර්ෂයේදී ලැබුණු විදේශ ණයවලින් වැඩි ප්‍රමාණයක් අතුරුදන් වී ඇති බව විගණකාධිපතිවරයාගේ වාර්තාවකින් හෙළිකර තිබේ.

අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ එම ණය ගිණුම්ගත කර නොමැති බවයි.

ණය ගිවිසුම් හැරුණු විට, 2023 දී ජපානය, එක්සත් ජනපදය, යුරෝපා සංගමය, කොරියාව සහ අන්තර්ජාතික සංවර්ධන සංගමය සමඟ අත්සන් කරන ලද ප්‍රදාන ගිවිසුම් 10ක් හරහා  සංවර්ධන ආධාර ලෙස අමෙරිකා ඩොලර් මිලියන 90.6ක් ලැබී තිබිණි.

2023 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මුළු විදේශ මූල්‍ය ලැබීම් ඩොලර් මිලියන 2,568.7ක් විය.

එයින් ඩොලර් මිලියන 2,510.3ක් ණය ලෙසත් ඩොලර් මිලියන 58.4ක් ප්‍රදාන ලෙසත් ලබා දී ඇත.

මුදල් අමාත්‍යාංශයේ 2023 ගිණුම් විගණකාධිපති විසින් විමර්ශනය කරන ලද අතර 2023 වසරේ ලබාගත් විදේශ ණයවලින් සැළකිව යුතු ප්‍රමාණයක් අමාත්‍යාංශයේ රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් ගිණුම්ගත කර නොමැති බව අනාවරණය වී තිබේ.

2023 දෙසැම්බර් 31 දිනට ගණන් නොගත් විදේශ ණයවල මුළු වටිනාකම රුපියල් මිලියන 17,103.2ක් බව රජයේ විගණනය මගින් සොයාගෙන ඇත.

එම වර්ෂයේ සහ ඊට පෙර වසරවල දී ලබා දී ඇති නමුත් ගිණුම්ගත නොකළ ණය වටිනාකම් ඇති බැවින්, 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශයේ වටිනාකම රුපියල් මිලියන 15,823කින් අඩුවෙන් දක්වා ඇති බව ද විගණන වාර්තාව පෙන්වා දෙයි.

වාර්තා වන පරිදි 2023 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ මූල්‍ය ගිණුම සෘණාත්මකව පවතින අතර මුදල් අමාත්‍යාංශයේ දත්තවලට අනුව විදේශ මූල්‍යකරණය සහ මුදල් ලබා දීම අතර පරතරය ඩොලර් මිලියන 463.2ක් පමණ වේ.

මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ රජය විසින් මූල්‍යකරණය කිරීම නැවැත්වීම වැනි කරුණු මත ද්විපාර්ශ්වික ණය දෙන්නන් ප්‍රතික්ෂේප කිරීම බව අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව 2023 අවධාරණය කරයි.

2023 වර්ෂය තුළ විදේශ සංවර්ධන හවුල්කරුවන් සහ ණය දෙන ආයතන සමඟ ගිවිසුම් 16කට එළැඹීමෙන් රජය ඩොලර් මිලියන 2,120.5ක විදේශ මූල්‍යකරණයක් ලබා ගත් අතර, එයින් ඩොලර් මිලියන 2,029.9ක් ණය වශයෙන් විය.

මෙය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ නය සහන වැඩසටහනේ විධිවිධාන යටතේ ඩොලර් මිලියන 728.1ක් සහ ආර්ථික ස්ථායීකරණ වැඩසටහන සඳහා ඩොලර් මිලියන 550.0කින් සමන්විත වේ.

42.31%
17.27%
32.76%