June 30, 2024

පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ඇති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මගීන් හෝ භාණ්ඩ සඳහා වන පොදු ප්‍රවාහන සේවා මෙන්ම මාර්ග, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළු ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම පවත්වා ගෙන යෑම සහ නඩත්තු කිරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක විසිනි.

1979 අංක 61 දරන පනතින් ලැබී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

42.31%
17.27%
32.76%