Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කච්චතිව් ප්රශ්නය ගැන ඉන්දියාවේ යළිත් කතාබහක් මතුව තිබේ.
ධීවර ගැටලුව සම්බන්ධ කරුණක් මතුවන ඕනෑම අවස්ථාවක කච්චතිව් ප්රශ්නය කරළියට පැමිණේ.
එහෙත් මේ වන විට කච්චතිව් ප්රශ්නය නැවතත් කරළියට පැමිණ ඇත්තේ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදි ශ්‍රී ලංකා නාවිකයකු මියයෑම නිසා නොව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් වෙත යවන ලද ලිපියක් සමගය.
පසුගිය බ්‍රහස්පතින්දා ඇමැති එස්.ජයිශංකර් මේ බව සඳහන් කර තිබුණේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ස්ටාලින් විසින් පසුගියදා යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමිනි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිටියදී අත්අඩංගුවට ගෙන සිටින ධීවරයින් ඉක්මනින් නිදහස් කර ගැනීමට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයන් කටයුතු කරමින් සිටින බව ජයිශංකර් සඳහන් කර තිබේ.
‘ප්රශ්නයේ ආරම්භය’ 1974 ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම දක්වා දිවෙන බවත්, එවකට අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් මෙම දූපත ශ්‍රී ලංකාවට පවරා දුන් බවත් ඔහු එම ලිපියෙන් පවසා ඇත.
පාලක භාරතීය ජනතා පක්ෂය නිතරම ප්‍රකාශ කරන්නේ කච්චතිව් පවරන්නට එවක කොන්ග්රස් ආණ්ඩුව ගත් තීරණය ශ්‍රී ලංකා සහ ඉන්දීය ධීවරයන් අතර පවතින ධීවර භූමි ආරවුල්වලට මූලික හේතුව බවයි.
එහෙත් ඉන්දීය විශේෂඥයෝ ඊට එකඟ නොවෙති.
ඉන්දියාවේ ත්රිවන්ද්රම් හි ධීවර කළමනාකරණ සම්පත් මධ්‍යස්ථානයේ ලේකම් වී.විවේකානන්දන් පවසන්නේ දේශපාලනඥයන් 1974 ගිවිසුම විවේචනය කරන විට ඔවුන්ගේ අවධානය යොමු වන්නේ දූපත වෙත බවයි.
එහෙත් ධීවරයන් විරුද්ධ වන්නේ 1976 දී ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන්ට මසුන් ඇල්ලීම තහනම් කළ ලිපියට බව ඔහු පෙන්වා දෙයි.
මේ වසරේ අප්‍රේල් මාසයේදී, තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේදී කච්චතිව් ඉන්දියාවේ උණුසුම් මාතෘකාවක් විය.
ශ්‍රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි දේශීය මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් එම මතභේදය වහා වසා දැමුවේ කච්චතිව් යනු “වසර 50කට පෙර සාකච්ඡා කර විසඳා ගත් ගැටලුවක් බවත්, මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් පවසමිනි.
රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසඥ ජෝර්ජ් කුක් සඳහන් කරන්නේ වාසනාවකට මෙන් ශ්‍රී ලංකා රජය එම ඇමට හසු නොවූ බවයි.
ඉන්දීය යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දඩයම් කරන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බව කුක් පෙන්වා දෙයි.
කොචි හි රාජ්‍ය ප්‍රතිපත්ති පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂණ සහකාර නීලිමා ඒ පවසන්නේ මෙම ගැටලුව ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථම’ ප්‍රතිපත්තියට අභියෝග කළ හැකි බවයි.
ගිවිසුම නැවත බැලීම ද්විපාර්ශ්වික සබඳතාවලට බාධාවක් විය හැකි බවත් එමගින් රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි ආතතීන් වැඩි කිරීමට සහ ධීවර අයිතීන් පිළිබඳ ගැටුම් උත්සන්න කිරීමට හේතු විය හැකි බවත් ඇය සඳහන් කරයි.
කච්චතිව් ගිවිසුම නැවත බැලීමෙන් ඉන්දියන් සාගරයේ අනෙකුත් සමුද්‍ර හා භෞමික ආරවුල් සඳහා පූර්වාදර්ශයක් විය හැකි බවත්, සමථ සීමා මායිම්වලට තරඟ කිරීමට රටවල් දිරිමත් කළ හැකි බවත්, එමඟින් කලාපීය ස්ථාවරත්වය අඩපණ කර නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික අවිනිශ්චිතතා ඇති කළ හැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart