Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට තවදුරටත් රටට සේවය කිරීමට හැකියාව ඇති බවත් ඔහුගේ සේවය ඉදිරියට ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
ග්‍රන්ථයේ පළමු පිටපත මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන් වනු ලැබිණි.
හිටපු යුද හමුදාපතිවරයකු ලෙස සරත් ෆොන්සේකාගේ සේවාව මෙහිදී අගය කළ ජනාධිපතිවරයා යුද අභියෝගය ජයග්‍රහණය කළ සහ දේශපාලනයේ අභියෝග රැසකට මුහුණ දුන් සරත් ෆොන්සේකාට ඉදිරියට ද රට වෙනුවෙන් විශිෂ්ට සේවාවක් සිදු කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළේය.
මෙරට යුද හමුදාවේ එකම ෆීල්ඩ් මාර්ෂල් තනතුර දරන සරත් ෆොන්සේකා යුද අභියෝගය ජයග්‍රහණය කළා පමණක් නොව යුද පිටියෙන් පිටත දේශපාලනය තුළ ද අභියෝගවලට මුහුණ දුන් බව නාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
“මම එතුමාව හඳුනාගත්තේ පසුගිය යුද කාලයේ ජෙනරල් සිසිල් වෛද්‍යරත්න මාර්ගයෙන්. ජෙනරල් සිසිල් වෛද්යරත්නව මම සමීපව ඇසුරු කළා. ඔහු මට කිව්වා මේ නිලධාරියාට හොද අනාගතයක් තිබෙනවා ඒකට අවස්ථාව සලසා දෙන්න කියලා. යුද්ධය ආරම්භ වූ කාලයේදීත්, ඊට පෙර කාලයේදීත් ආණ්ඩුවේ සිටි මට යුද්ධයට සහභාගීවූ හැම නිලධාරියෙක් පිළිබඳවම අවබෝධයක් තිබුණා. එම කාලයේ විශිෂ්ට නිලධාරින් කිහිප දෙනෙකු බිහි වූ අතර එම සියලුදෙනා අතරින් සරත් ෆොන්සේකාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා.” යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ ලෝකයේ තිබූ අසීරුම යුද්ධයකට බවත් අනෙක් රටවල තවමත් යුද්ධ පැවැත්වුණද සරත් ෆොන්සේකා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කළ බව ද ජනාධිපතිවරයා පැවසීය.
“සරත් ෆොන්සේකාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා.’ යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවසුවේ යුද්ධය ජය ගැනීමට හැකි වූයේ විරෝධාර රණවිරුවන් සිදු කළ විශිෂ්ට කැපවීම නිසා බවයි.
“එහිදී රණවිරුවන් විශාල පිරිසක් රට වෙනුවෙන් ජීවිතය පූජා කළා. තවත් විශාල පිරිසක් ආබාධිත වුණා. මේ අවස්ථාවේදී සියලු රණවිරු පවුල්වලට මාගේ ගෞරවය හිමිවෙනවා. ඔවුන් ජීවිත කැපකිරීම් සිදු කළේ අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. ඒ වගේම රටට සාමය ඇති කිරීම වෙනුවෙන්. යුද්ධය අවසන් කිරීමට නම් දේශපාලන විසඳුමකට යා යුතු බව එදා බොහෝ දෙනෙක් පැවසුවා. එදා මම යුද හමුදාපති ධූරය භාර ගන්නා විට ආරක්ෂක සාමාජිකයන් සිටියේ කලකිරීමකින් යුතුවයි. නමුත් අපි තිස් වසරක යුද්ධය ජය ගත්තා . අපේ රණවිරුවන්ගේ ලේ, දහඩිය සහ අපරිමිත කැපවීම නොමැති වූවා නම් මේ යුද්ධය ජයගත නොහැකි වෙන්න තිබුණා. යුද්ධයෙන් පසුව රණවිරුවන්ට මෙන්ම මේ රටේ ජනතාව සිදු කළ කැප කිරීමට හිටපු පාලකයන් නිසි වටිනාකමක් ලබා දුන්නාද යන්න පිළිබඳ මට සැකයක් පවතිනවා.” යැයි ෆොන්සේකා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart