June 28, 2024

‘මගෙන් රටට’ ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් සංජය මහවත්ත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

වාර්තා වන පරිදි සංජය මහවත්තට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසිනි.

නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිට සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් රැසකට එරෙහිව සංජය මහවත්ත රජයේ විවිධ ආයතනවලට පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇත.

42.31%
17.27%
32.76%