42.31%
17.27%
32.76%
June 27, 2024

හනුමන්තා පාලම, ආදම්ගේ පාලම සහ සේතු සමුද්‍රම් ආදී නම්වලින් හඳුන්වන පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි වැලි පර දූපත් සමූහයේ අලංකාර දසුනක් හසුකර ගැනීමට යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ Copernicus Sentinel-2 චන්ද්‍රිකාවට හැකි වී තිබේ.

ඉන්දියාවේ රාමේෂ්වරම් දූපත සහ ශ්‍රී ලංකාවේ මන්නාරම දූපත අතර කිලෝමීටර් 48ක් පුරා විහිදෙන මෙම වැලි පර සහිත හුණුගල් දාමය බොහෝ කලක සිට කතාබහට ලක්වන මාතෘකාවකි.

Copernicus Sentinel-2 චන්ද්‍රිකාව මගින් හසුකර ගත් රූපය පාලමේ ව්‍යුහය පිළිබඳ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ සංස්කෘතික වැදගත්කම පිළිබඳ නව උනන්දුවක් ඇති කරනසුළු විස්මයජනක තොරතුරු හෙළිකර තිබේ.

ඉන්දියන් සාගරයේ ගැඹුරු නිල් ජලය සහ සේතු රාම් අවට නොගැඹුරු ප්‍රදේශ සනිටුහන් කරන සැහැල්ලු වර්ණ අතර ඇති දැඩි වෙනසක් එම රූපයෙන් හෙළි වේ.

එයට අනුව මුහුදු පත්ල මීටර් 1 සිට 10 දක්වා පමණක් ගැඹුරට ගිලී ඇත්තේ ජලයෙන් යට වූ ගොඩබිමක රහස් හෙළි කරමිනි.

නිරාවරණය වූ වැලි ඉවුරු ඒ බව තවදුරටත් තහවුරු කර ඇත.

මෙම ඡායාරූපය පාලමේ පාරිසරික වැදගත්කම ද ඉස්මතු කරයි.

සේතු රාම් වටා ඇති ජනප්‍රවාද පවසන්නේ එය ගෞරවනීය හින්දු දෙවියකු වන රාම දෙවියන් විසින් ඔහුගේ වඳුරු හමුදාවේ සහාය ඇතිව ඉදිකරන ලද බවයි.

භූ විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම වෙරළ තීරය ඉන්දියානු උපමහාද්වීපය ශ්‍රී ලංකාව හා සම්බන්ධ කළ ගොඩබිමක නටබුන් බවයි.

15 වැනි සියවස වන තෙක් පාලම සැබවින්ම ගමන් කළ හැකි ගොඩබිම් මාර්ගයක් වූ බවත් ප්‍රබල කුණාටු මගින් මාර්ගයෙහි කොටස් ක්‍රමයෙන් ජලයෙන් යට වූ බවටත් විශ්වාස කෙරේ.

ඉන්දියාව පැත්තෙන් ගත්කල පම්බන් දූපත ලෙසින්ද හැඳින්වෙන රාමේෂ්වරම් දූපත, එහි ඓතිහාසික විහාරස්ථාන සහ විචිත්‍රවත් සංස්කෘතිය හේතුවෙන් ප්‍රකටය.

ඉංජිනේරු විද්‍යාවේ ආශ්චර්යයක් වන කිලෝමීටර් 2ක් දිග පම්බන් පාලම දුපත ප්‍රධානගොඩබිමට සම්බන්ධ කරයි.

ඒ අනුව Copernicus Sentinel-2 චන්ද්‍රිකාව මගින් හසුකර ගත් නවතම රූපය විද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් සඳහා වටිනා මෙවලමකි.

 

42.31%
17.27%
32.76%