June 27, 2024

යාපනයේ පේදුරුතුඩුව සෙල්වචන්නිධි කෝවිලේ මංගල්‍යය පැවැත්වෙන සමයේ ඉදිකළ තාවකාලික වෙළෙඳසැලකින් අලෙවි කළ බයිට් පැකැට් එකක් තුළ විශාල කටුස්සකු රෝස් වී සිටියදී ඉකුත් 25 වැනිදා පාරිභෝගිකයකුට හමු වී තිබේ.

වහාම එම පාරිභෝගිකයා අදාළ බයිට් පැකට් එක පේදුරුතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය වෙත රැගෙන යෑමෙන් පසුව නිලධාරීන් පිරිසක් පැමිණ වෙළෙඳසැල අයිතිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

තාවකාලික වෙළෙඳසැල වහාම කෝවිල් භූමියෙන් ඉවත්කර ඇති අතර අලෙවි කිරීමට තිබූ සෙසු සියලුම බයිට් පැකැට් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අලෙවිසැල පවත්වා ගෙන ගිය පුද්ගලයාගෙන් ලබාගත් තොරතුරු මත එම බයිට් පැකට් නිෂ්පාදනය කරන යාපනයේ පිහිටි ස්ථානයද සොයාගෙන තිබේ.

බයිට් පැකට් නිපදවන ලද පුද්ගලයාගේ කඩ කාමරයට සීල්තැබීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන ඇති අතර මේ සියලුම දෙනාට එරෙහිව යාපනය අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති නිසා මේ මස 28 වැනිදා යාපනය අධිකරණය වෙත පැමිණෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දැනුම් දී තිබේ.

(දිවයින)

42.31%
17.27%
32.76%