Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය පිළිබඳ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර සිය X ගිණුමේ සටහනක් තබා තිබේ.
එහි දැක්වෙන්නේ සීමාසහිත ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (පෞද්ගලික) සමාගමේ කළමනාකාරීත්වය සමඟින් ත්‍රිකුණාමලය ඉන්ධන ගබඩා පර්යන්තය සංවර්ධන සැලසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කරන ලද බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා IOC සමාගම ඒකාබද්ධ ව්‍යාපාරය යටතේ ත්‍රීකුණාමලය පර්යන්තයේ තෙල් ටැංකි 61 ක් පවතී.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම යටතේ එම සංස්ථාව සතු පිරිපහදුව, ඉන්ධනවල ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, ධාරිතාව සහ පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ඉහළ නැංවීම සඳහා වෙනම රජය සතු සහ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස පිහිටුවනු ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යුහය ද සංශෝධනය කෙරෙන අතර බහුවිධ කාර්යයන් සහ සේවා සඳහා ඩිජිටල් වේදිකාවන් හඳුන්වා දෙනු ඇත.
ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාල නියමය සහ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාවක් ඊයේ එම සංස්ථාව සහ පිරිපහදුවෙහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ පවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart