Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිරූපණ ශිල්පිනී පියුම් හංසමාලිගේ රූපලාවණ්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු භාණ්ඩ ඛෙදාහරිනු ලබන කුරියර් ආයතනයේ ප්‍රධානීන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් කොට්ඨාසය කළ ඉල්ලීම එම ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.
ඒ අනුව එම කුරියර් සමාගමේ සභාපතිවරයාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ද එම නිලධාරියා කීය.
නිරූපණ ශිල්පිනියක ලෙස පියුමි හංසමාලිට මෙතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේද යන්න පිළිබද ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ට කළ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරණය කළ රේන්ජ් රෝවර් වර්ගයේ ජිප් රථය ඇය රුපියල් ලක්ෂ 780 කට මිලදී ගෙන තිබූ බවත්, කොළඹ 7, වෝඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයකින් රුපියල් කෝටි 15 කට ආසන්න මුදලකට සුඛෝපභෝගී නිවෙසක් ද මිලදී ගෙන ඇති බවත් කියති.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියුමි හංසමාලි ඇතුළු ඇයගේ සමීපතමයන් පරිහරණය කරන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ඉකුත් දා අධිකරණයෙන් අවසර ලැබී තිබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart