June 24, 2024

උත්සව සමයන් ඉලක්ක කරගනිමින් SMS සහ සමාජ මාධ්‍ය හරහා සිදුවන මුල්‍ය වංචාවන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ජනතාවට දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියේ විවිධ බැංකු, වාණිජ ආයතන සහ අන්තර්ජාතික සංවිධාන විසින් යොමුකරන ලදැයි කියන ව්‍යාජ පණිවිඩ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට අනුව, මෙම වංචාවන් නීත්‍යනුකූල ආයතනවල නම් භාවිත කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් ඇදීම් සහ රක්‍ෂණ පොරොන්දු ආදී ලෙස පැමිණිය හැක.

“සයිබර් අපරාධකරුවන් ව්‍යාජ වෙබ් අඩවි, සමාජ මාධ්‍ය වේදිකා, SMS සහ WhatsApp හරහා පුද්ගලයන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරයි. ඔවුන් යොමුකරන පණිවිඩයේ සපයා ඇති සබැඳි වෙත ප්‍රවේශ වීමෙන් ඔවුන්ට පරිගණක සහ ජංගම දුරකථනවල දත්ත සොරකම් කළ හැකි අතර එය විවිධ ආකාරයේ මූල්‍ය වංචාවන්ට තුඩු දිය හැකිය,” යනුවෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනය කරයි.

විශේෂයෙන්ම ජාතික හා ආගමික උත්සව සමයන් කේන්ද්‍ර කර ගනිමින් මෑත කාලයේ මෙවැනි වංචාවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් අනාවරණ කර තිබේ.

 

42.31%
17.27%
32.76%