June 24, 2024

සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකාට එරෙහිව මේ සතියේ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

මද්දුම බණ්ඩාර ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, ෆොන්සේකාට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ සතියේ කැඳවන බවයි.

“පක්ෂයේ තරාතිරම නොබලා පක්ෂයක ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතුයි. ෆොන්සේකා විනයානුකූලව කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. පක්ෂයේ ඉන්නකම් පක්ෂ නායකයා එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. ඒ නිසා අපි ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම් වෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය ඔහුට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ සතියේ තීරණය කරනවා,” ඔහු පවසා ඇත.

පසුගිය කාලයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ප්‍රශංසා කරන රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා ගැන විමසූ විට සජබ මහලේකම්වරයා පවසා ඇත්තේ, ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

“රාජිත ෆොන්සේකා වගේ සැර පරුෂ විදිහට පක්ෂයේ නායකයාව විවේචනය කරන්නේ නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

42.31%
17.27%
32.76%