June 23, 2024

විදේශගත වී සිට ලංකාවට යළි පැමිණි ශ්‍රමිකයන් සහ සේවයේ නියුතු විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් ඒකරාශී කරගනිමින් ශ්‍රී ලංකාව තුළ නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරීමට කටයුතු කරන බවත් එම වැඩසටහන ජූලි 07 වැනිදා ආරම්භ කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ (22) දින ආරම්භ කෙරුණ ‘ජයගමු ශ්‍රී ලංකා අම්පාරට’ දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනේදී ප්‍රකාශ කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම කටයුත්ත ආරම්භ කරන අතර ඒ සඳහා කටයුතු සූදානම් බව අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළේ ව්‍යවසායකයින් තැනීමේ සහ දිරිගැන්වීමේ රට තුළ ඇති අවශ්‍යතාව පිළිබඳවද විශේෂයෙන් පැහැදිලි කරමිනි.

“අද මම විශේෂයෙන් සඳහන් කරනවා පිටරට ගිහින් ලංකාවට ආව අය, දැන් පිටරට ඉන්න අයගේ ලංකාවෙ පවුල්වල අයත් සමග ලංකාවේ ව්‍යවසායකයින් ලක්ෂයක් මේ ශ්‍රමිකයින් හරහා බිහි කිරීමේ අරමුණින් අමාත්‍යාංශය සමග එකතු වෙලා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු ආරම්භ කර තියෙනවා. ලක්ෂයකට රුපියල් 50,000 ගාණේ පළවෙනි ස්වයං රැකියා ආධාරය දීලා ව්‍යවසායකයන් ලක්ෂයක් කරන වැඩපිළිවෙළක් අපි ලබන 07 වැනිදායින් ආරම්භ කරනවා.

මේ රට මේ තත්ත්වයට ගේන්න මුදල් එවපු විගමනික ශ්‍රමිකයන්ට ස්තුතිය පළ කරන්න තමයි අද දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඇවිල්ලා අපි විගමනික ශ්‍රමික හරසර පිදීම කරන්නේ ඔබ වෙනුවෙන්. ඔබ කළ සේවයට යුතුකමට. රටට සල්ලි එවන්න එපා කියමින් රට වට්ටන්න කණ්ඩායමක් උත්සාහ කරද්දි ඒකට ඇහුම්කන් නොදී දිගාමඩුල්ලේ අම්මලා තාත්තලා ඩොලර් බිලියන 12කට ආසන්න මුදලක් දැන් අපිට එවලා තියෙන්නෙ. ඔවුන්ට අපේ ප්‍රණාමය, උත්තමාචාරය දෑත් එකතු කරලා අපි පුද කරනවා, ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් සමග.” යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

42.31%
17.27%
32.76%