Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදිම පිරිනැමෙනු ඇතැයි ‘දේශය’ට වාර්තා කරයි.
තරු හයේ ජෙනරාල්වරයකු ලෙස සැළකෙන ‘මාර්ෂල්’ තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා කරන ලද ඉල්ලීමක් අනුව බව සඳහන්ය.
උතුරේ යුද ජයග්රහණය සඳහා ෆොන්සේකා කරන ලද කැපකිරීම සළකා මෙයට පෙර ඔහු ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්කෙරිණි.
මෙවර ඔහුට ලබාදීමට යෝජිත මාර්ෂල් තනතුර මෙයට කළින් ලොව ප්රකට දේශපාලන නායකයන් හා හමුදා නායකයන් ගණනාවකට ලබා දී තිබිණි.
යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රුසක්ම මෙයට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබා ඇත.
සරත් ෆොන්සේකා මන්ත්රීවරයා මේ වන විට ජනාධිපති රනිල් වික්රමසිංහට නිල නොවන ආකාරයෙන් සහාය පළකරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart