Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට වෛද්‍යවරුන්ගෙන් සියයට 25ක් පමණ දැනටමත් විදේශ රැකියා සොයා ගැනීමට අවශ්‍ය විභාග සමත් වී ඇති ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2021 දී කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීමට පෙර, සාමාන්‍යයෙන් පැවැතියේ වෛද්‍යවරුන් 200ක් පමණ වෙනත් රටවල සේවය කිරීමට සංක්‍රමණය වන තත්ත්වයකි.
2022 වසරේ මුල් භාගයේ සිට මෙම සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.
පසුගිය වසර දෙක තුළ තත්ත්වය සළකා බැලීමේදී 2022 සහ 2023 වසරවල වෛද්‍යවරුන් 1800කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසා තිබේ.
දැනට රජයේ සෞඛ්‍ය පද්ධතියේ සේවය කරන වෛද්‍යවරුන්ගෙන් අවම වශයෙන් සියයට 25ක් දැනටමත් විදේශ රැකියා සොයා ගැනීමට අවශ්‍ය විභාග සමත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දත්ත පෙන්වා දෙන බැවින් තවත් බොහෝ පිරිසක් විදේශ්ගත් වීමට ඉඩ ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝ ඕමානයේ වෛද්‍ය විද්‍යාව ප්‍රගුණ කිරීමට, වෛද්‍යවරුන්විශේෂ විභාගයකට ඉදිරිපත් විය යුතුය.
එක්සත් රාජධානියේ සේවය කිරීමට, ඔවුන් වෘත්තීය සහ භාෂාමය ඇගයීම් මණ්ඩලයේ විභාග සම්පූර්ණ කිරීමට අවශ්‍ය වන අතර ඕස්ට්‍රේලියාවේදී ඔවුන් ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාවේ පරීක්ෂණයට සහභාගී විය යුතුය.
එම රටවල් තුන පමණක් සළකා බැලීමේදී මෑත සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 5,000කට ආසන්න පිරිසක් මෙම විභාග අවසන් කර ඇති අතර ඔවුන් රට හැර යෑමේ තීරණය ගැනීමට බලා සිටින බව වෛද්‍ය විජේසිංහ පවසා ඇත.
ඔහුට අනුව ශ්‍රී ලංකාවේ රජයේ සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරු 20,000ක් පමණ දැනට සිටිති.
පිටව යන අයගෙන් වැඩි වන සංඛ්‍යාවක් විශේෂඥයන් වන අතර, ඒ අතර ප්‍රධාන වශයෙන් හදිසි ප්‍රතිකාර සහ නිර්වින්දන, ළමා රෝග විශේෂඥයන්, මනෝ වෛද්‍යවරුන්, ස්නායු විශේෂඥයන් සහ හෘද ශල්‍ය වෛද්‍යවරුන් සිටින බවට ඔහු අනතුරු ඇඟවීය.
පසුගිය වසර දෙක තුළ එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හෝ එක්සත් ජනපදය වැනි රටවල අනිවාර්ය පුහුණුව සඳහා පිටත්ව ගිය අය නැවත පැමිණීමට කැමති වී නැත.
“ශ්‍රී ලංකාවට සාපේක්ෂව එම රටවල ඔවුන්ට ගෙවන ඉහළ වැටුප් ප්‍රධාන හේතුවයි. මැදපෙරදිග රටවල් සළකා බැලුවහොත් එය ලංකාවේ ඔවුන් ලබන වැටුප මෙන් දස ගුණයකට ආසන්නයි. එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ, විසි තිස් ගුණයකින් පමණ ඉහළයි, ” යනුවෙන් විජේසිංහ පෙන්වා දී ඇත්තේ වඩා හොඳ සේවා පරිසරයන්, වඩා හොඳ ජීවන තත්ත්වයන් සහ ඔවුන්ගේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා මගින් ඔවුන් එම රටවලට ආකර්ෂණය වන බවයි.
පසුගිය වසර දෙක තුළ විශේෂඥ වෛද්‍යවරුන් 400කට ආසන්න පිරිසක් පිටව ගොස් ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ‘දැවැන්ත ගැටලුවක්’ බවට පත්වෙමින් තිබෙන බවත් ඔහු ඇස්තමේන්තු කළේය.
එය ශ්‍රී ලංකාවේ විශාලතම රෝහල වන කොළඹ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් පද්ධතිය දක්වා බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.
වෛද්‍යවරුන්ගේ බුද්ධි ගලනය අවම කිරීමේ ක්‍රම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා රජයට යෝජනා කර ඇති නමුත් විසඳුම් සඳහා මූල්‍ය දිරිගැන්වීම් සහ වැටුප් ක්‍රමය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළත් වන බැවින් එය වහාම සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපේක්ෂා නොකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart