Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විසඳුමකට වඩා ගැටලුවක කොටසක් බවට පත්ව ඇති බව වෙරිටේ රිසර්ච් හි විධායක අධ්යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බරපතළ ගැටලු ඇති බව ප්‍රකාශ වන යෝජිත ‘ආරෝපණය කළ කුලී ආදායම් බද්ද’ සම්බන්ධයෙන් ‘X’ හි සටහනක් තබමිනි.
“ශ්‍රී ලංකාව සඳහා එය කාර්යක්ෂම සහ ඵලදායී බදු පියවරක් ලෙස සැලසුම් කිරීම සඳහා විශ්ලේෂණාත්මක පදනමක් නැත,” යනුවෙන් ආචාර්ය ද මෙල් සඳහන් කර තිබේ.
“අවාසනාවකට වත්මන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වෙනත් බොහෝ බදු ක්‍රියාමාර්ග සඳහාද මෙය සිදු වනවා. වෙරිටේ රිසර්ච් විසින් 2022 සිට බොහෝ විශ්ලේෂණ ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල වැඩසටහනට වඩා හොඳ බදු/ආදායම් ප්‍රතිපත්ති මාලාවක් පෙන්වනවා. නමුත් එවැනි තාර්කිකව සහාය දක්වන ප්‍රසිද්ධියේ ලබා ගත හැකි විශ්ලේෂණ ඉතා අඩුවෙන් ලබාගෙන තිබෙන්නේ,” යනුවෙන් ද ඔහු X හි සඳහන් කර ඇත.
“අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන් ප්‍රතිපත්තිවලට එහි විශ්ලේෂණ මගින් සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා, එය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සමාලෝචනවල බහුලව සඳහන් වන තාක්ෂණික සහාය පිළිබඳ වාර්තා (TA වාර්තා) ආකාරයෙන් රජයට ලබා දී තිබෙනවා. එයින් අදහස් වන්නේ අනාගත ආර්ථික ගමන් මග මෙම තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවල ගුණාත්මකභාවය මත යම් තරමකට රඳා පවතින බවයි. නමුත් ඔවුන් කියන දේ හෝ පෙන්වන දේ කවුද දන්නේ? ” යැයි ඔහු පවසයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ලබාදීමට ප්‍රසිද්ධියේ එකඟ වූ පසුවත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ බදු නිර්දේශවලට යටින් මෙම තාක්ෂණික සහාය පිළිබඳ වාර්තා ප්‍රකාශයට පත් නොකරන්නේ මන්දැයි අපට කිව හැක්කේ කාටද?,” යනුවෙන් ආචාර්ය ද මෙල් ප්‍රශ්න කළේය.
“අපට ඇති ප්‍රතිඵලය වන්නේ යෝජිත ‘ආරෝපණය කරන ලද කුලී ආදායම් බද්ද’ වැනි තාර්කිකව සහාය නොදක්වන, හිතුවක්කාර ප්‍රතිපත්ති සම්පාදනයන්. මෙවැනි ප්‍රතිපත්ති සම්පාදනයන් අතීතයේ දී ශ්‍රී ලංකාවට විනාශකාරී වුණා,” යැයි ද මෙල් වැඩිදුරටත් පැවසීය.
“ඉන්පසුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ එම ගැටලුවට විසඳුමේ කොටසක් වෙනුවට තාර්කිකව සහාය නොදක්වන අත්තනෝමතික ප්‍රතිපත්ති සම්පාදනයේ කොටසක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණක්” යනුවෙන් ආචාර්ය ද මෙල් සඳහන් කර ඇත.
විවිධ කණ්ඩායම් පීඩාවට පත් වූ විට පමණක් බදුවලට එරෙහිව තෝරා බේරා විරෝධය පළ කිරීමෙන් පලක් නැති බව ඔහුගේ අදහස විය.
සාර්ථක ප්රජාතන්ත්රවාදී ආර්ථික පාලනයක හරය වන්නේ බදු තෝරා ගැනීම සහ ගොඩ නැගීම සඳහා ප්‍රකාශයට පත් කෙරෙන තාර්කික ආර්ථික විශ්ලේෂණ මගින් සහාය වීමයි.
පවතින බදු සාධාරණීකරණය කිරීමට අදහස් කරන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය පිළිබඳ වාර්තා ප්‍රසිද්ධ නොකිරීම ආර්ථිකයට පමණක් නොව එය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයට ද ගැටලුවක් බවට ඔහු තර්ක කළේය.
“අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ රහස් විශ්ලේෂණය මත පදනම් වූ බවට සැළකෙන මෙම ප්‍රතිපත්ති සඳහා අප වග කිව යුත්තේ කාටද?” යනුවෙන් ආචාර්ය ද මෙල් විමසා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart