Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට දොස් පවරමින් එම තීන්දුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනා කරන බව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
“ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පතේ සඳහන් කර ඇති යම් වගන්තියක් ශ්‍රේෂ්ඨාධිකරණය නොසළකා හැර තිබෙනවා. එය කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දස දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් විසින් ලබා දී තිබූ තීන්දුවක් ඇතුළු සියලු තීන්දු ඉවත දාලා. දණ්ඩ නීති සංග්‍රහයට කළ සංශෝධනයක් ද අධිකරණය නොසළකා හැර තිබෙනවා” යැයි ජනාධිපතිවරයා පැවසීය.
“එම තීන්දුව පිරිවෙන් අධ්‍යාපන පනතට ද අභියෝග කරනවා. විනිසුරුවරුන් පාර්ලිමේන්තුවට කැඳවීමට මා යෝජනා කරන්නේ නැහැ, නමුත් මම යෝජනා කරන්නේ පාර්ලිමේන්තු කාන්තා බල මණ්ඩලයේ සාමාජිකයන් බහුතරයක් තේරීම් කාරක සභාවට පත්කළ යුතු බවයි,” යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණවලට අභියෝග කිරීම සෞඛ්‍ය සම්පන්න ක්‍රියාමාර්ගයක් නොවන බවයි.
“අපි හැම වෙලාවෙම ශ්‍රේෂ්ඨාධිකරණය අභියෝගයට ලක්කරනවා නම් අපට ශ්‍රේෂ්ඨාධිකරණයක් තිබිය යුත්තේ ඇයි” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
“කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම සහ ඔවුන් පෙළෙන හෝමෝන ආබාධ හේතුවෙන් ලිංගභේදය තීරණය කිරීමට අපහසු අයගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. කෙසේවෙතත්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් මාෆියාවට නීතිමය ප්‍රතිපාදන සැපයීම අපට අනුමත කළ නොහැකියි. බටහිර රටවල පවතින ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනස් කිරීමට ළමුන්ට පවා තෝරාගැනීමේ අයිතිය ලබා දී තිබෙනවා, එම රටවල ලිංගික අවයව ඩොලර් 4,000 කට විකුණනවා. මේ රටේ එවැනි දෙයකට ඉඩ නොතැබිය යුතුයි.” යනුවෙන් ඔහු සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් යෝජනා කළේ පනත් කෙටුම්පත නැවත තීරණයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකිරීම වඩා යහපත් බවයි.
“ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරනවාට වඩා පනත් කෙටුම්පත නැවත තීරණයක් සඳහා යොමු කිරීම වඩා හොඳයි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන සෑම තීරණයක් ගැනම සොයාබැලීමට තේරීම් කාරක සභා පත්කිරීම සෞඛ්‍ය සම්පන්න පියවරක් නෙවෙයි,” යැයි මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ ඩලස් අලහපෙරුම ද ප්‍රකාශ කළේ ජනාධිපතිවරයකු විසින් නඩු තීන්දුවක් අභියෝගයට ලක්කිරීම සෞඛ්‍ය සම්පන්න නොවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart