June 18, 2024

සිය නීතීඥ බිරියට බැනවැදුණු බව කියන නීතීඥවරියකගේ කාර්යාලයකට අයුතු ලෙස කඩාවැදී ඇයට බැන තර්ජනය කළ පොලිසියේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන විශේෂ කාර්යාංශයේ කොළඹ 07 මළලසේකර මාවතේ පිහිටි බුද්ධි මූලස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන් විනය පක්ෂණයක් ආරම්භකර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මෙම බැන තර්ජනය කිරීම පසුගිය15 වැනිදා දහවල් කාලයේදී සිදුවී ඇත.

ඒ සම්බන්ධයෙන් නොච්චියාගම කුසුම්පුර පදිංචිව සිටින නීතීඥවරිය විසින් නොච්චියාගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා උප පොලිස් පක්ෂකවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයාට ඇප ලබාදී දෙපාර්ශවයම සමථ මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා නොච්චියාගම පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

ඔහුගේ බිරියත් ඔහුට එරෙහිව පැමිණිලි කළ නීතීඥවරියත් නොච්චියාගම අධිකරණයේ නඩු කටයුතු සඳහා පෙනීසිටින නීතිඥවරියන් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මෙම නීතිඥවරියන් දෙදෙනා අතර ඇති වුණු යම් සිදුවීමක් මුල්කරගෙන ඇතිවුණු ආරාවුලකට මැදිහත් වෙමින් උප පොලිස් පක්ෂකවරයා නීතිඥවරියගේ කාර්යාලයට ගොස් ඇයට තර්ජනය කරමින් බැනවැදී ඇති බව විමර්ශනයේදී පෙනීගිය බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.(දිනමිණ)

42.31%
17.27%
32.76%