Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරු දිස්ත්‍රික්කයට අයත් දියබෙදුම අත්තනකඩවල 30 වසමේ, දියබෙදුම ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ නිවස අසල තිබෙන පොල් ගසකින් පොල් කැඩීමට ගොස් තිබේ.
පොල් ගසින් පොල් කැඩීමට තමා සතු කෙක්ක දිග මදි නිසා පොල් ගස අසලම තිබෙන අඹ ගසකට මෙම පුද්ගලයා නැග ඇත.
ගසේ ඉහළටම නැගගැනීමෙන් පසු අඹ ගසේ සිට කෙක්කක ආධාරයෙන් පොල් ගෙඩි තුනක් යාබද පොල් ගසින් කඩා තිබේ.
ගස යට සිටි බිරිඳ පවසා ඇත්තේ “දැන් පොල් අපිට ඇති ඉක්මනට බහින්න උඩ නැගලා වැටිලා කරදරයක් වෙන්න පුළුවන්” කියාය.
පොල්ගෙඩි තුනක් කඩා බිමදමා තිබියදීත් ඉතුරු පොල් ටිකත් කැඩීමට මොහු උත්සාහ ගෙන ඇති බව පැවැසේ.
එහිදී ඔහු නැග සිටි අත්තෙන් පය ලිස්සා බිම ඇදවැටී තිබේ.
පසුව ප්‍රදේශවාසීන් නිවැසියන් සමග එක්වී අත්තනකඩවල රෝහලට රැගෙන ගියත් ඔහු එවන විටත් මියගොස් තිබෙන අතර, ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ බිම සිට අඩි විස්සක් පමණ ඉහළින් අඹ ගසට නැග එම ස්ථානයේ සිට කෙක්කක් උපයෝගී කරගෙන යාබද තිබෙන පොල් ගසේ පොල් කඩා ඇති බවයි.
අඹ ගසෙන් වැටී මෙසේ මියගොස් ඇත්තේ තොරදෙනියේ ගෙදර සුනිල් රාජපක්ෂ නැමැති වයස අවුරුදු 57ක් වන දියණියන් දෙදෙනෙක් සිටින දෙදරු පියකි.
මේ වන විටත් ඔහුගේ සිරුර අත්තනකඩවල රෝහලින් පොළොන්නරුව මහා රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇති අතර අද දහවල් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart