Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එකම වේදිකාවක සිටිනු දැකගත හැකි විය.
ඒ, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට ජනාධිපතිවරයා අද සහභාගී වූ අවස්ථාවේදීය.
එහිදී ප්‍රදේශයේ සිදුකරන සංවර්ධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කිරීමට මන්ත්‍රීවරයා කටයුතු කරන ලද්දේ මෙලෙසිනි.
“ජනාධිපතිතුමා අද මන්නාරමට පැමිණ මෙහි ජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබාදුන්නා. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක්කිරීමට අවශ්‍ය සැලසුම් එතුමා සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.
යහපාලන ආණ්ඩුව සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන්කළා. නමුත් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවූ අතර වුවමනාවෙන්ම එය මඟහැර දැමුවා. ඒ වගේම පසුගිය වසර 04ක කාලය තුළ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු මුදලක් වෙන්කර නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර මෙම වසරේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන්කිරීම පිළිබඳව මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart