June 16, 2024

කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ගිනි ආරක්ෂණ පද්ධතියක් සවිකිරීමේදී ආසන්න වශයෙන් රුපියල් මිලියන 90ක අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණ කර ඇත.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2023 වාර්ෂික වාර්තාවෙන් මේ බව අනාවරණ වී තිබේ.

ගිනි ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කිරීම නුසුදුසු කොන්ත්‍රාත්කරුවකුට පැවරීම හේතුවෙන් අලාභය සිදුවී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

එම කොන්ත්‍රාත්කරුගේ දුර්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන්, කොන්ත්‍රාත්තුව අවසන් කර වෙනත් කොන්ත්‍රාත්කරුවෙකු වෙත පවරාදී ඇත.

පළමු කොන්ත්‍රාත්කරු විසින් 2021 ජනවාරි 1 වැනි දින ලබාදුන් මූලික ඇස්තමේන්තුව රුපියල් මිලියන 100 කි.

විගණන වාර්තාවට අනුව කොන්ත්‍රාත්තුව අවසන් කරන විට රුපියල් මිලියන 40කට අධික මුදලක් ගෙවා තිබේ.

පසුව, 2023 දෙසැම්බර් 18 වන දින, රුපියල් මිලියන 180 ඉක්මවන ඇස්තමේන්තුවක් යටතේ අසම්පූර්ණ ව්‍යාපෘතිය දෙවැනි කොන්ත්‍රාත්කරු වෙත නැවත පවරාසි ඇත.

එබැවින් කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ගිනි ආරක්ෂණ පද්ධතිය කොන්ත්‍රාත්කරුවන් දෙදෙනකු සම්බන්ධ කර ස්ථාපනය කිරීම නිසා දළ වශයෙන් රුපියල් මිලියන 90ක පමණ අමතර වියදමක් දැරීමට සිදු වූ බව විගණන වාර්තාව පෙන්වා දෙයි.

42.31%
17.27%
32.76%