Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්ථාන සහ ඉරාන ජාතිකයන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
අදාළ නඩුව අද (14) පෙරවරුවේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
2022 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකදී වරදකරුවන් වූ පකිස්ථාන සහ ඉරාන ජාතිකයන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 123ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව නීතිපතිවරයා සැකකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
අදාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් චෝදනාවලට වරද පිළිගෙන ඇති අතර අනතුරුව ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.
වරදකරුවන් වූ විදේශිකයන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් ඔවුන්ගේ සිරදඬුවම් නියම කිරීම සඳහා ඔවුන් අදාළ රටවලට පිටුවහල් කරන ලෙස ද අධිකරණය නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart