Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව තමාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ළඟදීම ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසයි.
පොලිස් නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තත් තවමත් කිසිදු අයකු අත්අඩංගුවට ගෙන නැතැයි කී මන්ත්‍රීවරයා රටේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයකදී සිදු වූ මෙම පහරදීම ගැන කලකිරීමක් ඇතැයි ද සඳහන් කරයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් එම සිදුවීම හොඳින් දැකබලා ගතහැකි බවත් සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන්ද සිද්ධිය හොඳින් දුටු බවත් ඔහු පවසයි.
පඩි පෙළකින් වැටී තමා ආබාධයට ලක්වී යැයි සමහරුන් කරන ප්‍රකාශ පට්ටපල් බොරුවක් බව කී ගුණතිලක රාජපක්ෂ චිත්‍රපටයක දර්ශනයක් සේ තමාට අතින් පයින් පහර දුන් බවද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ කොළඹ නිවසේදී ඊයේ (13) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය. පසුගිය 3 වැනිදා පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සිදු වූ බහින්බස් වීමකින් අනතුරුව එම පහරදීම සිදු වී තිබිණි.
පහරදීමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ යුද හමුදා රෝහලට ඇතුළත් කෙරුණු අතර පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් පැය හතරක සැත්කමකටද ලක්කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart