Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නඩු තීන්දුවක් වෙනස් කිරීම සඳහා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ අස්සන සහ නිල මුද්‍රා ව්‍යාජ ලෙස යොදා කූට ලේඛන සකස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයකු ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ 13 වැනි දින නියෝග කර, මෙම සිද්ධියට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරුගේ ඥාති කාන්තාවක් ජුනි 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියම කළේය.
මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ අලුත් පාර වෙන්නප්පුව පදිංචි ඇලෙස් කීර්ති ප්‍රනාන්දු නමැත්තෙකි.
මේ තැනැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගොනුකළ නඩු දෙකක් තිබී ඇත.
එම නඩුවල තීන්දුවක් අනුව මොහුගේ විදේශ ගමන් තහනම් කර ඇතැයි කියයි.
එම විදේශ ගමන් නියෝගය අවසන් කර දෙන බව කියා නීතිපති කාර්යාලයට සම්බන්ධ බව කියමින් හැසුරුණේ යැයි කියන පුද්ගලයකු මේ තැනැත්තාගෙන් රුපියල් ලක්ෂ 16ක් ලබාගෙන මෙම ව්‍යාප් ලේඛන සකස් කරදී ඇතැයි අධිකරණයට වාර්තා විය.
මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයෙ රෙජිස්ට්‍රාර්වරයාගෙන් මෙම පැමිණිල්ල ලැබී තිබිණි. (මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart