June 14, 2024

මේ දිනවල ඇමරිකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තර්ජනාත්මක ගංවතුර තත්වයක් හේතුවෙන් ෆ්ලොරිඩාවේ අතරමංව සිටිති.

ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් Fort Lauderdale හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දකුණු ෆ්ලොරිඩා ගුවන් තොටුපළ වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සිය ගණනක් පළාත් පාලන ආයතන විසින් නවතා ඇත.

Fort Lauderdale යනු T20 ලෝක කුසලාන තරඟ පැවැත්වීමට නියමිත ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථාන තුනෙන් එකකි.

එය ඉන්දියාව, පකිස්ථානය සහ ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධ වැදගත් තරඟ තුනකට සත්කාරකත්වය සපයනු ඇත.

ශ්‍රී ලංකාව එදිරිව නේපාලය අතර පැවති පළමු තරගය ද ක්‍රීඩාංගණයට සහ ඒ අවට පැවැති අධික වර්ෂාව හේතුවෙන් සේදී ගියේය.

Fort Lauderdale නගරාධිපති Dean Trantalis ද හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා Fort Lauderdale සිට Caribbean දූපත් වෙත පියාසර කිරීමට නියමිතව තිබූ නමුත් අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ඔවුන්ගේ පිටත්වීම ප්‍රමාද කිරීමට සිදුවිය.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ ඔවුන්ගේ අවසන් තරගය ජුනි 17 සඳුදා ශාන්ත ලුසියාහිදී නෙදර්ලන්තය සමඟ තරග වදිනු ඇත.

ඔවුන් මෙතෙක් සහභාගි වූ තරග තුනෙන් දෙකක් පරාජය වී ඇති අතර සුපිරි 8 අදියරට පැමිණීමේ හැකියාව අහිමිවී තිබේ.