June 12, 2024

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් දක්වා දීර්ඝ කිරීමට කිසිදු ඉඩක් නොමැති බැවින් ව්‍යවස්ථාවට අනුව නියමිත පරිදි මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පාර්ශ්ව කිහිපයක් ඊයේ (11) අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් වගන්ති දෙකක පවතින කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාට වසර 6 ක් බලයේ සිටීමට අවස්ථාවක් තිබේදැයි,දැන් ඇතැම් පාර්ශ්ව තර්ක කරමින් සිටී.

මේ අලුත් තර්කය කුමක්ද?

වසර 6ක් ලෙස පැවති ජනාධිපතිවරයාගේ ධුර කාලය 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයෙන් වසර 5ක් ලෙස සීමා කළේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තියේ පැහැදිලිව සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) වගන්තියේ සඳහන් වන පරිදි ජනාධිපතිවරයාගේ ධුරකාලය පිළිබඳ සඳහන් කර ඇති 32 වගන්තිය වෙනස්කොට ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයකට වඩා වැඩිකිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍ය වේ.

එහෙත් ඇතැමුන් තර්ක කරනුයේ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6ට වඩා වැඩි කරනවා නම් පමණක් තුනෙන් දෙක හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

එනම්, දැනට වසර 5ක් වන ධුර කාලය වසර 6ක් ලෙස වසරකින් වැඩිකිරීම ජනමත විචාරණයක් නොමැතිව සිදුකළ හැකිබව ඇතැමුන්ගේ තර්කය වී තිබේ. (News 1st)

42.31%
17.27%
32.76%