June 11, 2024

පොරොන්දු වූ ඉතිරි වැටුප ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලුම කලාප අධ්‍යාපන කාර්යාල ඉලක්ක කර පාසල් නිමවීමෙන් පසු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.

ඒ අනුව විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට පොරොන්දු වූ වැටුප් වර්ධකයේ ඉතිරි තුනෙන් දෙක ලබාදෙන ලෙස බලකරමින් පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වෙමින් ප්‍රශ්න පත්‍ර බැලීමේ කටයුතු හෙට දිනයේ පස්වරු 1ට නතර කරන බව ඔහු සඳහන් කරයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා ගෙවීම් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙන් කර ඇති රුපියල් බිලියන 46ක අරමුදල් ලබා දෙන ලෙස ගුරු සංගම් අවධාරණය කරයි.

මීට අමතරව, ලංකා ගුරු සංගමය විසින් ප්‍රශ්න පත්‍ර බැලීමේ ගාස්තු වැඩි කරන ලෙස ද ඉල්ලා ඇත.

මෙම ගැටලුව විසඳීමට පසුගිය වසරේ කමිටුවක් පත් කළද ගාස්තු ඉහළ දමා නොමැති බව ජෝසප් ස්ටාලින් සඳහන් කරයි.

පාසල් වියදම් සම්බන්ධයෙන් මව්පියන් මත පැටවෙන බර අඩු කරන ලෙසත් මව්පියන්ගෙන් මුදල් එකතු කිරීමේ පුරුද්ද නතර කරන ලෙසත් ඉල්ලා සිටින බවද ස්ටාලින් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%