Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එංගලන්තය සහ පෝලන්තය වැනි රටවල් ප්‍රධානව විදේශ රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් මිලියන 17.5ක් පමණ ලබාගෙන වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
පොලිසිය පවසන්නේ, කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර, ජනජය නගර ගොඩනැගිල්ල පදනම් කරගත් IMH Logistics (Pvt) Ltd නම් ආයතනයක් මුවාවෙන් සැකකරු මෙම වංචාව ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම වංචාව සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මේ වන විටත් ඊට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සැකකාරියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ සමාගමේ හිමිකරු බව පවසමින් ප්‍රනාන්දු නමැති පුද්ගලයෙකු මෙම වංචාව සිදු කර ඇති බවයි.
කෙසේවෙතත්, සැකකරු සිටින ස්ථානය සහ ඔහුගේ අනන්‍යතාවය තවමත් අනාවරණය වී නොමැත.
සැකකරුගේ ඡායාරූප නිකුත් කර ඇති අතර ඔහු සිටින ස්ථානය සම්බන්ධයෙන් තොරතුරක් ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
එම තොරතුරු දුරකථන අංක 0718591643 මගින් මිරිහාන පොලිස් අධිකාරීවරයා හෝ 0718137373 අංකයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අමතා ලබාදිය හැකි බව ද පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart