Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් එක්සත් ජනපද නිව්යෝර්ක්, ස්ටේටන් දූපතේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවී විවිධ කරුණු පිළිබඳ සාකච්ඡා කර තිබේ.
X සමාජ මාධ්‍ය වේදිකාවේ තැබූ සටහන්වලින් තානාපතිනිය කියා සිටියේ වගවීම, යුක්තිය සහ සංහිඳියාව පිළිබඳ ඔවුන්ගේ අදහස් ඇසීමට ස්ටැටන් අයිලන්ඩ් හි දෙමළ ප්‍රජාව හමුවීමට ලැබුණු අවස්ථාව අගය කරන බවයි.
ඇය හිටපු ශ්‍රී ලාංකේය කායවර්ධන ශූරියක් ද ඇතුළුව දෙරට සංස්කෘතීන් එකට එකතු කරන කුඩා ව්‍යාපාර හිමියන් හමුවීමට ස්ටැටන් අයිලන්ඩ් හි ශ්‍රී ලාංකිකයන් වෙසෙන ප්‍රදේශයට පැමිණ තිබිණි.
ඇය X හි සටහන් කර තිබුණේ “රසවත් රොටි සහ ලුණුමිරිස් සමග උණුසුම් ආගන්තුක සත්කාරයට ස්තූතියි,” යනුවෙනි.
තානාපතිනිය ස්ටැටන් අයිලන්ඩ් හි පිහිටි ශ්‍රී ලංකා කලා හා සංස්කෘතික කෞතුකාගාරය නැරඹීමට ද ගොස් තිබේ.
ශ්‍රී ලංකාවෙන් පිටත් පිහිටි ප්‍රථම ශ්‍රී ලාංකේය කලා හා සංස්කෘතික කෞතුකාගාරය ලෙසින් අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික කලා හා සංස්කෘතික කෞතුකාගාරය ලොවට රමණීය උපහාරයක් බව ඇය පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ඉතිහාසය අමෙරිකානුවන් සමඟ කෞතුකාගාරය හරහා සහ ඔවුන්ගේ ශ්‍රී ලංකා අවන්හල වන ‘ලක්රුවන’ හරහා බෙදා ගැනීමට දරන උත්සාහය ගැන කෞතුකාගාරයේ නිර්මාතෘ ජුලී විජේසිංහ සහ ඇගේ පවුලේ අය සමඟ නැවත සම්බන්ධ වී සාකච්ඡා කිරීම සතුටක් බව ද ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart