Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය කැළඹූ වැලිඔය ළමා අපයෝජන සිද්ධියේ වින්දිත දරුවාගේ ඡායාරූප සහ විඩියෝ සමාජගත කිරීමට දායකවූ පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ‘ළමා ආරක්ෂණ සන්ධානය’ පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.
2022දී පොලිස්පතිවරයාම නිකුත් කළ චක්‍රලේඛයට පිටුපා මෙලෙස ක්‍රියා කර ඇති බවට චෝදනා කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල ඇතුළු නිලධාරීන් පිරිසකටය.
සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළ කුඩා දරුවකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ආකාරය වීඩියෝගත කර ඇති බවත් එය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ.ධනපාලගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ 2024 ජුනි 05 දින ප්‍රචාරය කර ඇති බවත් එම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර ඇත.
පොලිස් භාරයට ගැනීමෙන් පසු, දරුවා රැගෙන යන නිලධාරියා සහ රාජ්‍ය අත්අඩංගුවේ සිටින වින්දිත දරුවා රූගත කරන නිලධාරියා, දරුවාගේ මුහුණ කෙලින්ම කැමරාවට නිරාවරණය කරමින්, ‘දරුවාගේ යහපත වෙනුවෙන්’ යන ළමා ආරක්ෂාව පිළිබඳ ගෝලීය මූලධර්මය අමු අමුවේ උල්ලංඝනය කර ඇඇති බව ද එමගින් පෙන්වා දී තිබේ.
තවද වැලිඹය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරිනියක් දරුවා සමඟ ගත් වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින බව ද එම සන්ධානය සඳහන් කර ඇත.
‘අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඡායාරූප සහ විමර්ශන තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම’ සම්බන්ධයෙන් 2022/02/14 දින පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද RTM 382, CRTM 231 නියෝග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධනපාල ඇතුළු අනෙකුත් සියලුම පොලිස් නිලධාරීන් උල්ලංඝනය කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඒ අනුව රටේ නීතිය ක්‍රියාත්මක කරමින් ධනපාල ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව වහාම පොලිස්පතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සන්ධානය ඉල්ලා තිබේ.
රාජ්‍ය රැකවරණයේ සිටින දරුවන්ගේ ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍යවල පළ නොකරන ලෙසත්, ආයතනික මට්ටමින් ශ්‍රී ලංකා පොලිස් සේවයේ ආචාර ධර්ම ආරක්ෂා කරන ලෙසත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මෙවැනිම ආචාර ධර්ම උල්ලංඝනයන් නොකිරීමට පොලිස් දෙපාර්තමේන්තුවට නොමිලේ පුහුණුවීම් ලබා දීමට ද ළමා ආරක්ෂණ සන්ධානය ඉදිරිපත් වී ඇත.
එහෙත්, දිගින් දිගටම ‘රාජ්‍ය රැකවරණයේ සිටින’ වින්දිත දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ රහසිගතභාවය උල්ලංඝනය කරන වගකීම් සහ වගවීම් විරහිත පොලිස් සේවාව කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී ඇති බව එම සන්ධානය වැඩිදුරත් චෝදනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart