Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් කෝපන්හේගන්හි වීදියේදී ප්‍රහාරයට ලක්ව තිබේ.
ඇගේ කාර්යාලය පවසන්නේ ප්‍රහාරයට ලක්වීමෙන් පසු අගමැතිවරිය “කම්පනයට” පත්ව ඇති බවයි.
කෙසේවෙතත් අගමැති කාර්යාලය සිද්ධිය පිළිබඳ වැඩි විස්තර ලබා දී නැත.
නගරය මධ්‍යයේ පිහිටි චතුරශ්‍රයකදී මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර එහිදී පුද්ගලයකු ඇය වෙත ගොස් ඇයට පහර දී ඇත.
පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසුවත් වැඩි විස්තර පැවසීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහුගේ චේතනාව ගැන තවමත් ප්‍රකාශ වී නැත.
යුරෝපීය කොමිසමේ ප්‍රධානී Ursula von der Leyen මෙම ප්‍රහාරය හැඳින්වූයේ එය “යුරෝපයේ අප විශ්වාස කරන සහ සටන් කරන සෑම දෙයකටම විරුද්ධ වන නින්දිත ක්‍රියාවක්” ලෙසිනි.
සාක්ෂිකරුවන් දෙදෙනෙකු වන Marie Adrian සහ Anna Ravn ප්‍රාදේශීය පුවත්පතක් වන BT වෙත පැවසුවේ ඔවුන් ප්‍රහාරය දුටු බවයි.
“මිනිසෙක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණ ඇගේ උරහිසට තදින් තල්ලු කළා, ඇය පැත්තකට වැටුණා” යැයි කාන්තාවන් දෙදෙනා පුවත්පතට පවසා තිබේ.
ඔවුන් කියා සිටියේ එය “ප්‍රබල තල්ලුවක්” වුවත් අගමැතිවරිය බිම නොවැටී සිටි බවයි.
පසුව ඇය ආපන ශාලාවක වාඩි වී ඇත.
මෙම ප්‍රහාරය එල්ල වන්නේ ඩෙන්මාර්කය යුරෝපා සංගම් මැතිවරණයට ඡන්දය දීමට දින දෙකකට පෙරය.
ඩෙන්මාර්කයේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායිකාව වන ෆෙඩ්රික්සන් මීට පෙර තම පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක ක්රිස්ටෙල් ෂාල්ඩෙමෝස් සමඟ යුරෝපීය මැතිවරණ උත්සවයකට සහභාගී වූ බව ඩෙන්මාර්කයේ TV2 වාර්තා කරයි.
සමාජ ප්රජාතන්ත්රවාදීන් ඩෙන්මාර්කයේ සභාග ආණ්ඩුවේ විශාලතම පක්ෂයයි.
ඔවුන් තවමත් ඡන්ද විමසීම්වලට නායකත්වය දෙන නමුත් මෑත මාසවලදී ඔවුන්ගේ සහයෝගය සැළකිව යුතු ලෙස පහත වැටී ඇත.
ඩෙන්මාර්කයේ පරිසර ඇමැති Magnus Heunicke මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් X හි සටහනක් තබා තිබුණේ “මෙට්ට එල්ල වූ ප්‍රහාරයෙන් ස්වභාවිකවම කම්පනයට පත්වුණා. එය ඇයට සමීප අප සියල්ලන්ම කම්පා කරන බව මම පැවසිය යුතුයි.” යනුවෙනි.
යුරෝපා සංගමයේ ප්‍රධානී Charles Michel පවසා තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු “කෝපයට පත් වූ” බවයි.
“මෙම බියගුලු ආක්‍රමණශීලී ක්‍රියාව මම තරයේ හෙළා දකිමි,” යනුවෙන් ඔහු පැවසීය.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ස්ලෝවැක් අගමැති රොබට් ෆිකෝ ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී වෙඩි තබා මාසයකටත් අඩු කාලයකට පසුවය.
ඔහු දිවි ගලවා ගත් අතර පසුව ශල්‍යකර්මයකට භාජනය වී ඇත.
46 හැවිරිදි ෆෙඩ්රික්සන් වසර හතරකට පෙර මධ්‍ය-වාම සමාජ ප්රජාතන්ත්රවාදීන්ගේ නායකත්වයට පත්වීමෙන් පසු 2019 දී අගමැති විය.
ඒ අනුව ඇය ඩෙන්මාර්ක ඉතිහාසයේ ළාබාලතම අගමැතිනිය බවට පත් විය.
වැඩි කල් යන්නට මත්තෙන්, එක්සත් ජනපදය ග්‍රීන්ලන්තය මිලදී ගැනීම පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇය එවකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ආරවුලක පැටලී සිටියාය.
එවැනි ඉඩම් ගනුදෙනුවක් පිළිබඳ යෝජනාව “විකාර” යැයි ඇය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ට්‍රම්ප් ඇයව “නපුරු” ලෙස හැඳින්වීය.
2022 දී, කොවිඩ් වසංගතය අතරතුර මින්ක් සතුන් මිලියන ගණනක් මරා දැමීමට ඇගේ රජය ගත් තීරණය විමර්ශනය කරන කොමිසමක් විසින් ෆ්‍රෙඩ්රික්සන් දැඩි ලෙස විවේචනය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart