June 6, 2024

ප්‍රමිතියෙන් තොර තණතීරු පිළිබඳ වැඩි අවධානයක් යොමුවෙමින් පැවතිය ද T20 ලෝක කුසලාන තරඟාවලියේ කිසිදු තරගයක් නිව්යෝර්ක් නගරයෙන් පිටතට ගෙනයෑමට කිසිදු සැලසුමක් නොමැති බව වාර්තා වේ.

නසාවු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරග දෙකෙන් පසු තණතීරු පෘෂ්ඨවල අනපේක්ෂිත ස්වභාවය පිළිබඳ බරපතළ කණස්සල්ල වැඩි වෙමින් තිබේ.

සඳුදා පැවති තරගයේ දී ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 77කට දැවී ගිය අතර එය T20 තරගාවල ඔවුන්ගේ අඩුම ලකුණු සංඛ්‍යාව විය.

ඊයේ (බදාදා) ඉන්දියාව හමුවේ අයර්ලන්තය ලකුණු 96කට දැවී ගියේය.

ඉන්දියාව ඔවුන්ගේ පිතිකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ කණස්සල්ල මධ්‍යයේ තණතීරුවල අනපේක්ෂිත පිම්ම සහ ස්වභාවය පිළිබඳ පෞද්ගලිකව ඔවුන්ගේ අසතුට ප්‍රකාශ කර ඇති බවවිදෙස් මාධ්‍ය වාර්තා කරයි.

32,000ක ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අපේක්ෂා කරන, මෙම තරඟාවලියේ වඩාත්ම උනන්දුවෙන් බලාසිටින තරගයක් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ඉරිදා දිනයේ අයිසන්හවර් උද්‍යාන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න තහවුරු කිරීම සඳහා කලින් අතහැර දැමූ තරගවල දත්ත විශ්ලේෂණය කරන බව විශ්වාස කෙරේ.

කෙසේවෙතත්, ICC නිලධාරීන් පවසන්නේ නිව් යෝර්ක් හි තරග කිසිවක් ෆ්ලොරිඩාවේ හෝ ටෙක්සාස්හි ස්වාභාවික තණතිලි සහිත ක්‍රීඩාංගණවලට මාරු කිරීමට කිසිදු හදිසි සැලැස්මක් නොමැති බවයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයට පෙර වෙනත් තණතීරුවල තරග පැවැත්වෙන ආකාරය අනුව එම තීරණය වෙනස් කිරීමට නම්‍යශීලී බවක් තිබෙන අතර භාවිතයට නොගත් තණතීරුවක් එවැනි අවස්තාවක් සඳහා නම් කර ඇති බව ද වාර්තා වේ.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ සම සත්කාරකත්වය දරන T 20 ලෝක කුසලාන තරඟාවලියේ තරඟ 55න් තරඟ 16ක් එක්සත් ජනපදය විසින් පවත්වනු ලැබේ.

නිව් යෝර්ක් හි පෙරනිමි ක්‍රීඩාංගණය ඉදිකිරීමට ඩොලර් මිලියන 32ක් වැය වී ඇති අතර එය මාස අටක් ඇතුළත ඉදිකරන ලද්දේ තරඟාවලි සංවිධායකයන්ගේ මහත් ප්‍රබෝධයට හේතුවක් ද වෙමිනි.

Tahoma වර්ගයේ තණතීරු 10 ක් ඕස්ට්‍රේලියාවේ වගා කර පසුව ෆ්ලොරිඩාවට නැව්ගත කර තිබු අතර ඒවා නිව් යෝර්ක් වෙත ප්‍රවාහනය කර ස්ථාපනය කර තිබුණේ තරඟාවලිය ආරම්භ වීමට සති කිහිපයකට පෙරයි.

පිටත පිටිය සාදා ඇත්තේ නිව් ජර්සි හි ගොවිපලක වැලි මත වගා කරන ලද කෙන්ටකි බ්ලූග්‍රාස්වලිනි.

දැනට පැවති තරගවලින් පෙනීගොස් ඇත්තේ නිව්යෝර්ක් හි කාසියේ වාසිය තරගයේ ප්‍රතිඵලය තීරණය කිරීමේදී තීරණාත්මක වී ඇති අතර පළමුව පන්දු යැවීම කණ්ඩායමට වාසිදායක බවයි.

එහෙත් සැබෑ ලෙසම තණතීරුවල ගැටලුව කුමක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නැත.