June 6, 2024

හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවකුට මාරාන්තික ලෙස පහර දීම සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය පාසල් සිසුවා ද හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට තිබෙනවා.

ඊයේ එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුවා හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගිය සිසුවා උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් සිටියදී හම්බන්තොට නගරයේ වෙනත් පාසලක සිසුවකු පන්තියට පැමිණ ආරවුලක් හේතුවෙන් පහර දී ඇති බවත් පරීක්ෂණවලින් හෙළි වී ඇත.

හම්බන්තොට පොලිසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%