June 6, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ පළමු රැලිය ජුනි 8 වැනිදා අම්බලන්තොට නගරයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඇමැති මහින්ද අමරවීර පවසයි.

‘රටට ජය: එක්ව අනාගතයට’ යන තේමාව යටතේ මෙම ජන රැළිය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඔහු සඳහන් කරයි.

“නව සන්ධානය ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරනවා. ඒ ඒ දිස්ත්‍රික්කවල පැවැත්වෙන රැලි සඳහා එම දිස්ත්‍රික්කවල පාක්ෂිකයන් පමණක් සහභාගී වනු ඇති. කෙසේවෙතත්, මෙම නව සන්ධානයේ ජන රැලිය ඉතා ශක්තිමත්ව පැවැත්වීමට තීරණය කර තිබෙනවා. සාර්ථක අන්දමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ ශක්තිය මෙම ජනහමු මාලාව තුළින් අවබෝධ වෙයි,” යනුවෙන් ද අමරවීර ඇමැතිවරයා පවසයි.

42.31%
17.27%
32.76%