Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තිලංග සුමතිපාලට නීති විරෝධී ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා පෙනී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා නොවන බවයි.
“ඔහුට නීත්‍යනුකූලව එවැනි තනතුරක් ලබාදීලා නැහැ.ඒ පත්වීම සම්බන්ධයෙන් මම අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා.ඒ නඩුව අවසන් වනතුරු ඔහුට හෝ මට එම තනතුර භාවිත කිරීම වළක්වන ලෙස අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.ඒ වගේම මේ සම්බන්ධයෙන් ලිපියක් මැතිවරණ කොමිසම එවා තිබෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
“තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා යැයි කියමින් වරදක් කරනවා.ඒක අධිකරණයට අපහාස කිරීමක්.ඉතින් මම මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එයාටවත් මටවත් එහෙම කරන්න අවසරයක් නැහැ.ඒ වගේම අධිකරණ තීන්දුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාව දුන්නු ලිපියෙන් පස්සේ මම කිසිම දවසක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස මගේ අදහස ප්‍රකාශ කර නැහැ. නමුත් මට එජනිස මහලේකම්වරයා ලෙස නීත්‍යනුකූල පත්වීමක් තිබෙනවා. මේ සියල්ල ශ්‍රීලනිපයේ හිටපු ජනාධිපතිවරයා විසින් ඇති කළ ප්‍රශ්න” යැයිද ඇමැති අමරවීර පැවසීය.
“එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සිටි කිසිම පක්‍ෂයක්, සංවිධානයක් දැන් ඔවුන් සමඟ නැහැ. ඒ සියලු දෙනාම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා එයාලට තියෙන්නේ සන්ධානය කියලා පෙන්වන්න බෝඩ් ලෑල්ල විතරයි. ඒ වගේම මේ කණ්ඩායම එ.ජ.නි.ස සමගි ජන බලවේගය (SJB) සමග ඒකාබද්ධ කරන්න හදනවා. එදා සිටම උත්සාහ කරනවා නමුත් අපි ඒකට අවස්ථාවක් දෙන්නේ නැහැ.
“ඔවුන්ට පෞද්ගලිකව සමගි ජන බලවේගයට හෝ වෙනත් පක්ෂයකට යන්න පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ” යැයි අමරවීර පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart